‘අන්නබලන්’ ගීතය ලියැවුනේ මෙහෙමයි
අපි පාසල් ගිය හැටි හා ඒ ආශ‍්‍රිත සුන්දරත්වය මතක් වී මේ ගීතය ලියැවුණා - ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ
දරු පැටවුන්ගේ ලෝකය හුඟාක් සුන්දරයි. ඒත් ඒ සුන්දරත්වය ඇතැම් දෙමව්පියන්ගේ මැදිහත් වීමෙන් මැකී ගොස් තිබෙනවා. බොහෝ දෙමව්පියන්ගේ හීනය වන්නේ තමන්ගේ දරුවා ඉහළ වෘත්තිකයකු වෙනවා දකින්නයි. එහෙමත් නැත්නම් දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, නීතීඥයෙක් වගේ කෙනෙක් වෙනවා දකින්නයි.
මේ හීනය තුළ සිටිමින් ඔවුන් දරුවාව හසුරවනවා. දරුවාගේ ළමා සිතුම් පැතුම් පාලනය කරනවා. වර්තමානයේදී සිදුවන බොහෝ දේ තුළ අපි මේ සත්‍ය දැක තිබෙනවා. එක් පැත්තකින් දෙමව්පියන්ට මේ ගැන දොස් පවරලා වැඩක් නැහැ. ඒකට හේතුව තමයි මේ සමාජයට ගැලපෙන කෙනෙක් වීමේ වැදගත්කම ඔවුන් අත්විද තිබීම.
අලූත් සමාජය තුළ කෙළින් හිටගෙන ජීවත් වෙන්න වුවමනා නම් උගත්කම තිබිය යුතුයි. ඒ වගේමයි මිල මුදල්. මේ දේවල් නැතිව මනුස්ස ජීවිතයට වටිනාකමක් නොලැබෙන තරමට සමාජය කණපිට හැරිලා. අනික් කාරණය තමයි අධ්‍යාපනය පැත්තෙන් පවා තිබෙන තරගකාරී ස්වභාවය.
මේ තරගය තුල හැමෝම වල්මත් වෙලා. දුවන්නන් වාලේ දුවන්න පුරුදු වෙලා. බෙහෙවින්ම මේ තත්ත්වය ඉතා සානුකම්පිතයි. අකමැත්තෙන් හරි අපි හැමෝම මේ යථාර්ථය තුළ සිටිනා වටපිටාවක් තුළ අපේ ගී රචක බණ්ඩාර ඇහැලියගොඩ මේ පිළිබදව බෙහොම අපූරු ගීතයක් ලිව්වා.
‘‘අන්න බලන් ඉදිකඩ ලග කොක්කු ?න වගේ ඇවිත් පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හින් සැරේ ගිහිං උන්ට එකතු වෙයන්නේ...’’
‘‘අපි පුංචි කාලේ ගත කළේ බොහොම සුන්දර ළමා වියක්. උදේ ගෙදරින් එළියට බැහැලා සැතපුමක් විතර දුර තියෙන ඉස්කෝලෙට පයින් ඇවිදගෙන ගිහින් තමයි පොතේ පතේ වැඩකටයුතු අපි කළේ’’
‘‘ඒ විතරක් නෙමෙයි අපි ඉස්කෝලේ යන එනකොට සමනලයින්ගේ පස්සේ දුවනවා. කුරුල්ලෝ එලවනවා. ඇළේ දොළේ බැහැලා නානවා. ලදු කැලෑ තුරුවැල් අස්සේ දුවනවා. හේනේ කුඹුරු වැඩවලට උදව් වෙනවා.’’
‘‘මේ විදිහට පරිසරයත් එක්ක ලොකු සම්බන්ධයක්, ඇගෑලූම්කමක් අපිට තිබුණා. අපි හැදී වැඩුණේ පරිසරයත් එක්කයි. ඒ නිසාම අපි තුළ සෞන්දර්යය ගොඩ නැගුණා. පරිසරයට ආදරය කරන සිතුවිලි ඇතිවුණා. සතා සිවුපාවුන්ට පවා ආදරය කළා.’’
‘‘ඒත් අලූත් සමාජය තුළ සිටින දරුවන්ට මේ සමාජ තත්ත්වය උරුම වී නැහැ. ඔවුන් හිමිදිරියට නැගිටිනවා. ඊලගට පොත් පත් ඇතුළත් ලොකු බෑග් එක කරේ එල්ලාගෙන වතුර බෝතල්, කෑම පෙට්ටි හැම දෙයක්ම අරගෙන ගෙදර ළගට එන වෑන් එකට නගිනවා.’’
ඊළගට ඉස්කොලේ ඉවර වෙලා ටියුෂන් යනවා. එහෙමත් නැත්නම් තවත් මොනවා හරි ඉගෙන ගන්නයනවා. ඒ ඇවිත් පසුවදාට ඉස්කෝලෙට අරන් යන්න තියෙන පාසලේ වැඩ කටයුතු ටික කරනවා.
මේ අයට සෞන්දර්යය විඳින්න වෙලාවක් නැහැ. පරිසරය දකින්නෙ වෑන් එකේ වීදුරුවෙන් විතරයි. එයින් පෙනෙන්නේ ඒකාකාරී දර්ශන.
කෙසේ හෝ මෙන්න මේ යථාර්ථය තුළ සිටින මොහොතක මට මේ ගීතය ලියන්න හිතුණා. වර්තමාන සමාජ ක‍්‍රමය තුළ දරුවාත්, දෙමව්පියනුත් මුහුණ දී සිටින සත්‍ය තත්ත්වය තමයි මේ ගීතය තුළින් මම ඉස්මතු කොට පෙන්වන්න සිතුවේ.
මේ ගීතයේ අවසන් වෙන තැන තිබෙනවා ‘‘මං නොදුටුව නව ලෝකයේ කිරුලූ පළන් රැුජින වෙලා... පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...’’ කියලා. එයින් මා අදහස් කළේ අම්මා තුළ තිබෙන වර්තමාන සිහිනයයි.
අන්න බලන්ඉදිකඩ ලග
කොක්කු ?න වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ
පුංචි දුවේ නුඹ යන කොට
සුදුපාටින් ඉස්කෝලේ
පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා.
ලදු වැටි මැද දෙවැට දිගේ
දොළ පාරෙන් එගොඩ වෙලා
මගේ හිතේ මං ආයෙත් පාසල් යනවා...
එක පටුවක වාඩිවෙලා
එක පැන්සල දෙකඩ කඩන්
අකුරු කෙරුව කාලය නැහැ ආයෙත් එන්නේ
මං නොදුටුව නව ලෝකයේ
කිරුලූ පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ....
ගායනය - විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස්
සංගීතය - රෝහණ වීරසිංහ
පදමාලාව - බණ්ඩාර ඇහැලියගොඩ
ලක්බිම පුවත්පත අනුගහයෙනි.

0 comments for "‘අන්නබලන්’ ගීතය ලියැවුනේ මෙහෙමයි"