විරෝධතාකරුවන්ට යාපනයට ඇතුළුවීමට ඉඩ නොදෙයි

පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම්වලට එරෙහි සංවිධාන එකතුව විසින් අද යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගීවෙමින් සිටි පිරිස ආරක්ෂක අංශ විසින් පුලියන්කුලම් හිදී නවතා ඇති බව වාර්තාවේ.

එම පිරිස පුලියන්කුලම මංසංධියට පැමිණි මොහොතේදී ඔවුන්ට යාපනය දෙසට යාමට අවසර දිය නොහැකි බව පොලීසිය පවසා ඇත. අවශ්‍ය නම් මුලතිව් දෙසට යාමට ඉඩ සලසා දිය හැකි බව එම නිලධාරීන් පවසා තිබේ.

කෙසේ වෙතත් මේවන විට ඊට විරෝධය පා පැමිණි පිරිස එම ස්ථානයේ විරෝධතාවයක නිරත වන බව අප වාර්තාකරු පවසයි. එම ස්ථානයේ මේවන විට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර ඒ සඳහා විශාල හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් යොදවා ඇති බවද වාර්තාවේ.





Posted by Ravaya on 1:09 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "විරෝධතාකරුවන්ට යාපනයට ඇතුළුවීමට ඉඩ නොදෙයි"

Leave a reply