නිව්යෝර්ක් ටයිම්ස් සංචාරක ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 45 අතරට එක්ව තිබූ ශ්‍රී ලංකාව ඉන් ඉවත්කොට ඇති බව වාර්තාවේ.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ පසුගියදා තංගල්ලේදී සිදුවූ සංචාරක ඝාතනයයි.

එම සිද්ධිය පාදකකොට ගනිමින් ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සංචාරකයින්ට ආරක්ෂිත නොවන රටක් නොවන බවයි.

එමෙන්ම එම ඝාතනය සිදුනොවිය යුත්තක් බවත් ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳව විශ්වාසය කිරීමද අසීරු බවත් ඔවුන් දක්වා ඇත.

කෙසේ වෙතත් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුවූවන් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට බරපතල තර්ජනයක් වියහැකි බවයි. එබැවින් ඉදිරියේදී සංචාරකයින් දිවයිනට ගෙන්වාගැනිමට දරන උත්සාහය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද දැක්විය යුතු බව ඔවුන් පවසයි.

Posted by Ravaya on 10:28 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "නිව්යෝර්ක් ටයිම්ස් සංචාරක ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට"

Leave a reply