හෂාන් පාසල් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලූලාභියා වීමට සැරසෙයි
දෙහිවල එස්.ද.එස්. ජයසිංහ විදුහල නියෝජනය කරමින් කුඩා කල සිට ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ හෂාන් ශාස්ත‍්‍රී හේවානායක මෙවර අවුරුදු 19න් පහළ පාසල් ක‍්‍රිකට් තරගාවලියේදී වැඩිම කඩුලූ ලබා ගැනීමේ වාර්තාව තැබීමට සූදානම් වෙයි.
එස්.ද.එස් ජයසිංහ විදුහලේ 19න් පහළ කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරන හෂාන් පිතිකරුවෙකු හා වේගපන්දු යවන්නකු ලෙස දිර්ඝ කාලයක් ක‍්‍රීඩා කරයි. පසුගිය මාස හය තුල හෂාන්ගේ පුහුණුකරු ලක්ෂ්මන් පෙරේරා පිට දග පන්දු යවන්නෙකු ලෙස හෂාන්ව පුහුණු කරයි. එහි සාර්ථකත්වය මෙවර තරගාවලියේදී දලූලා වැඩෙන්නේ හෂාන් දකුණතින් පිට දග පන්දු යවමින් මේ වනවිට තරග 13කදි කඩුලූ 110ක් ලබාගෙන දක්වන විශිෂ්ඨ දක්ෂතාවය හේතුවෙනි.
හෂාන්ගේ පිට දග පන්දුව හමුවේ ප‍්‍රතිවාදී කණ්ඩායමේ ඉනිමක කඩුලූ පහකට වඩා බිද වැටුනු අවස්ථා තරග 13 තුළ අවස්ථා 14කදී සිදුවීම කැපී පෙනෙන්නට විය. හෂාන්ගේ එකම පුහුණුකරු ලෙස කටයුතු කරන ලක්ෂ්මන් පෙරේරා පවන්නේ පසුගිය මාස හය තුළ හෂාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරමින් දගපන්දු යවන්නෙකු ලෙස පුහුණු කිරීම ඇති සාර්ථක බවයි. ‘‘ඔහු අතේ මැණික් කටුව ලගින් කරකවමින් දක්ෂ ලෙස පන්දුව ඉලක්කය වෙත යොමු කරනවා. ඔහුට විශේෂ වූ පන්දු කිහිපයක් තියෙන නිසා පිතිකරුවාට එක් පන්දු වාරයකදී විවිධ පන්දු හයකට මුහුණ දීමේ අසීරුතාවයකට පත්වෙනවා. එය පිතිකරුවකුට ලොකු පීඩනයක්. ශ‍්‍රී ලංකාවට මුරලිගෙන් පසු ලොකු අඩුවක් තිබෙනවා. ඒ අඩුව පිරවීමට හෂාන් වැනි ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාවන් තව තවත් ඔප්නැංවීම අනාගත ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මහත් පිටුවලක්’’. යැයි පුහුණුකරු පවසයි.
හෂාන් දිලිදු පවුලක දරුවෙක්. ඔහුට අවශ්‍ය පුහුණුවීම් හා උපකරණ සදහා අනුග‍්‍රහයක් ලැබෙනවා නම් හෂාන් ජාතික පිලට පැමිණෙන දිනය වැඩි ඈතක නොවන බව හෂාන්ගේ පුහුණුකරුගේ අදහසයි.
මේ තරගවාරය තුළ හෂාන් අර්ධ ශතක පහක් සමග ලකුණු 520ක් ලබා පිතිකරුවෙකු ලෙස ද දක්ෂතා පෙන්වමින් ඉදිරියෙන් සිටීම කැපි පෙනෙන අතර දැඩි විනයකින් නිහතමානීව කටයුතු කරන ඔහු සැමගේ ප‍්‍රශංසාවට ලක්වීම කැපී පෙනෙන කරුණකි.
හෂාන්ගේ පියා දෙහිවල ප‍්‍රදේශයේ රියැදුරකු ලෙස කටයුතු කරන අතර සොහොයුරන් දෙදෙනකුට මැදි වූ හෂාන්ගේ බාල සොයුරා ගයාන් හේවානායක ද එස්.ද.එස්. ජයසිංහ විදුහලේ 19න් පහළ කණ්ඩායමේ පන්දු යවන්නෙකු ලෙස ක‍්‍රීඩා කරයි. හෂාන් පාසලේ සහෝදර බාල සිසුන්ගේ වීරයෙකු ලෙස මේ වනවිටත් කැපී පෙනෙන චරිතයක් වී තිබේ.
‘‘ඉදිරියේදී වැඩිම කඩුලූ වාර්තාව තබමින් දක්ෂතා පෙන්වා 19න් පහළ ලෝක කුසලාන සංචිතයට ඇතුලූ වීම මගේ බලාපොරොත්තුවක්. ඒ තුලින් රටට කීර්තියක් ගෙන එමින් මගේ දෙමාපියන්ට පුහුණුකරුට පාසලට ගෞරවයක් ලබාදීම මගේ අරමුණයි’’ යැයි හෂාන් පවසයි.

0 comments for "හෂාන් පාසල් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලූලාභියා වීමට සැරසෙයි"