මරා ගැති නොවූ වරාගේ නිර්භීත ප්‍රකාශය

යාන වාහන පදවි තානාන්තර අපේක්ෂාවකින් තොරව විනිසුරුවරු නඩු තීන්දු ලබාදිය යුතු යැයි සුදුකොඩි නඩුවෙන් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිවරදිකරුයි ප්‍රකාශකළ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතා ඊයේ(10)විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.
දෙහිවල ව්‍යාපාරිකයකුට හා ත‍්‍රිරෝද රථ රියැදුරකුට මරණ දඬුවම නියම කරමින් ඔහු මේ බව කියා සිටියේය. ඔවුන්ට එරෙහිව තිබු චෝදනාව වූයේ දෙහිවල හාමර් පෙදෙසේ ඉඩම් කැබැල්ලක් අයිතිකර ගැනීමේ අරමුණින් එකම පවුලේ තිදෙනකු 2003දී මරා දැමීමයි.

මරණ දණ්ඩනය නියමකිරීමට ප්‍රථම හැරිසන් ජයවීර නම් විත්තිකරු කියා සිටියේ විනිසුරු වරාවැව පක්ෂග්‍රාහී පුද්ගලයෙකු බවයි.ඔහු තමාට සාධාරණ නඩු විභාගයක් ලබා නොදුන් බව කියූ විත්තිකරු තමාට දඬුවම් පැමිණවීම ඔහුගේ එකම අරමුණ වූ බවට චෝදනා කරණ ලදී.


ඉන්පසු අධිකරණයේ ප්‍රකාශයක් සිදුකල වරාවැව මහතා 


සැපසම්පත් අපේක්ෂාවෙන් සහ තිබෙන සම්පත් නැතිවී යා හැකියි යන බියෙන්,පුද්ගලයෙකුගෙන් පළිගැනීමේ අටියෙන් හෝ යම් පුද්ගලයෙකු පිනවීමේ අටියෙන් නඩු තීන්දු විනිසුරුවරුන් විසින් ලබා නොදිය යුතු බව විනිසුරු වරාවැව කියා සිටියේය.


තම වසර 28ක තම විනිසුරු දිවියේදී 40,000ක් පමණ නඩු විභාග කර ඇති බවත් මේ තුන් මිනී මැරුම ලංකා ඉතිහාසයේ අමානුෂික ඝාතනයක් බවත් විනිසුරු වරාවැව මහතා සඳහන් කරණ ලදී.

තමා තීන්දු දුන්නේ දෙවියන් බුදුන් ඉදිරියේදී පවා කෙලින් සිටගත හැකි අයුරින් යැයිද තම නඩු තීන්දු සියල්ල බුදු දහමට අනුකූල යැයිද විනිසුරු අවධාරණය කළේය.

අවසන් වශයෙන් විනිසුරුවරයා සඳහන්කර සිටියේ වැරදි තීන්දු ලබාදෙන විනිසුරුවරයන් අපාගත වන බවයි.

ඊයේ දිනයේ බි.බි.සි සංදේශය වෙත විනිසුරු වරාවැව මහතා ප්‍රකාශකර තිබුනේ තමා මේ මස 30 වනදා විශ්‍රාම යෑමට නියමිත බවයි.


යාපනය හා ත්‍රිකුණාමලය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කර තිබුනද තම සේවා කාලය ජනාධිපතිවරයා විසින් දීර්ඝ කර ඇති නමුත් මෙතෙක් තමාට දැනුම් දී නොමැති බවද ඔහු කියා සිටියා. 

Posted by Ravaya on 2:12 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මරා ගැති නොවූ වරාගේ නිර්භීත ප්‍රකාශය"

Leave a reply