18ක වැටුප් වැඩිවීමට විදුලි සේවකයන් පයින් ගසයි

රජය ප්‍රකාශ කර ඇති වසර තුනටම සියයට 18ක වැටුප් වැඩිවීම විදුලි සේවකයන් කිසිසේත් පිළි නොගන්නා බවත් ඊට අදාළ ගෙවීම්චක්‍ර‍ලේඛය ආණ්ඩුව නිකුත් කරන්නේ  කිනම් මොහොතකද? රට පුරා වැඩ බිම් විදුලි බලාගාර සියල්ල වසා දමා සියලු සේවකයෝ සේවයෙන් ඉවත් වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
වසර 3කට වරක් වැඩිවන විදුලි සේවක වැටුප් වැඩි වීම සියයට 45ක් විය යුතු බවත්, ඊට අදාළ ගෙවීම් චක්‍ර‍ලේඛය 16 දාට පෙර ආණ්ඩුව නිකුත් කිරීමට කටයුතු නොකළහොත් 18 වෙනිදා රට පුරා සියලු සේවකයෝ කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණයකට අවතීර්ණ වන බවත් එම වෘත්තීය සන්ධානය පවසයි. කොළඹ නි‍පෝන් හෝටලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී එම වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මේ බව කීය. මෙම උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයෙන් අනතුරුව රාත්‍රී්‍ර 12 වන තුරු මේ පිළිබඳව තීන්දුවක් ගැනීමට රජයට කල් දෙන අතර, සේවක විරෝධය නොතකා අත්තනෝමතික ලෙස ආණ්ඩුව කටයුතු කළහොත් සියලු විදුලි සේවකයෝ අතිකාලවලින් ඉවත් වීමටත්, අකුරට වැඩ කිරීමේ වෘත්තීය  ක්‍රියා මාර්ගයකටත් එළඹීමට තීන්දු කළ බව ඔහු කීය.

ආණ්ඩුව විදුලි සේවකයන්ට සියයට 18ක වැටුප් වැඩිවීමක් දුන් බවට රටට ප්‍රකාශ කළද, මෙම වැටුප් වැඩිවීම සිදුවන්නේ වසර තුනටම බවත් ඒ අනුව වසරකට  වැඩිවන්නේ සියයට 6ක වැටුප් වැඩිවීමක් පමණක් බවද ඔහු කීය.

අදාළ වැටුප්  සටනට සහය පළ කරමින් ලංකා ඛනිජ තෙල්, ජල සම්පාදන හා ජලපවහන සේවකයන්ද එක් වීමට තීන්දු කර ඇති බවද ඔහු කීය. වසර 3කට වරක් රජය ලබාදෙන සියයට 18ක වැටුප් වැඩිවීම විදුලි සේවකයින් ප්‍රතික්ෂේප කරන බවත් , විදුලි සේවකයන් හා කිසිදු සාකචිඡාවක් නොකර රජය අත්තනෝමතිකව මෙම ‍ප්‍රෝඩාකාරී වැටුප් වැඩිවීම  කර ඇති බවද ඔහු කීය. සේවක ඉල්ලීම් නොතකා ආණ්ඩුව කටයුතු කළහොත් එය වැඩ වර්ජනයක් දක්වා යා හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය. ලංකා විදුලි සේවක සංගමය, ලංවිම ජාතික සේවක සංගමය, ලංවිම ප්‍රවාහන සේවක සංගමය, ලංවිම සිවිල් යාන්ත්‍රික අධිකාරිවරුන්ගේ සංගමය ඇතුළු ප්‍රබල වෘත්තීය සමිති 30ක එකතුව මෙම තීන්දු ගනු ලැබූ බවද ඔහු කීය.

Posted by Ravaya on 2:01 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "18ක වැටුප් වැඩිවීමට විදුලි සේවකයන් පයින් ගසයි"

Leave a reply