මෙවර Z ස්කෝර් ක්‍රමය වැරදියි - නිර්මාතෘ කියයි

විද්වත් කමිටුව මගින් මෙවර අපොස උසස් පෙළ (පැරණි සහ නව නිර්දේශ) ඉසෙඩ් ස්කොර් කඩඉම් ලකුණු ක්‍රමය ගණනය කිරීම මුළුමනින්ම වැරදි බව ශ්‍රී ලංකාවට එම ක්‍රමය හඳුන්වා දුන් මහාචාර්ය රෆිල් ඕ. තටිල් මහතා කොළඹ මහජන පුස්තකාලයේ දෙසුමකදී අද  (11) ප්‍රකාශ කළේය.

ඔහු පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයෙකි.

උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වු ගැටලුවේ ප්‍රධාන කොටස තවමත් විසදා නොමැති බව ද ඔහු පැවසිය.

අධිකරණය මේ ගැන විශේෂඥ මතය විමසතොත් සිසුන් වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වන බව ද මහැදුරු කීවේය.

පෙර වතාවන්හි ‍ඉසෙඩ් ස්කෝර් නිවැරදි බවද මහැදුරු ස‍ඳහන් කළේය.

Posted by Ravaya on 11:05 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

1 comments for "මෙවර Z ස්කෝර් ක්‍රමය වැරදියි - නිර්මාතෘ කියයි"

  1. It has now become a serious concern to the students and parents. Dept. of Exams should step back and correct it. Otherwise it is a serious violation of human rights. Prof. Thatil was the father of Z scorre in Sri Lanka and if he says the calculation is wrong this time, Anura has a serious challenge.

Leave a reply