එජාපයෙන් xxx ව්‍යාපෘතියක්

එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන ඒකකය විසින් අද (10) දිනයේ ඞ මාධ්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. ශ‍්‍රී ලංකා X (www.srilankaxnews.com) නිව්ස් වෙබ් අඩවිය, අන්තර්ජාල X රේඩියෝව සහ X ඊ පුවත් යන ප‍්‍රචාරක ව්‍යාපෘතීන් එසේ ආරම්භ කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී අද පැවති ‘‘අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරය’’  සමාරම්භක වැඩසහනේදී එම xxx ව්‍යාපෘතිය එළිදක්වනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

‘‘රටක ජනතාව අවනිතිය සම්බන්ධයෙන් ආණ්ඩුවකට චෝදනා එල්ල කිරීමත් සමඟ ඒ ආණ්ඩුවේ අවසානය ආරම්භ වනවා. අපේ රටේ ජනතාව අවනීතිය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ල කිරීමත් සමඟ ඒ තත්ත්වය අපේ රටේ ද මේ වන විට ඇති වී තිබෙනවා.

රටේ උද්ගත වී තිබෙන අවනීතිය පිළිබඳව රටත් - ජනතාවත් මුල සිටම දැනුවත් කළේ එක්සත් ජාතික පක්ෂයයි. මේ සම්බන්ධයෙන් අප රටත් - ජනතාවත් දැනුවත් කරද්දී ආණඩුව අපව විවේචනය කළා.

ආණ්ඩුව රටට - ජනතාවට එදා සිට මේ දක්වා දුන් කිසිඳු පොරොන්දුවක් ඉටු කර නොමැති බව තේරුම් ගෙන සිටින ජනතාව රටේ උද්ගත වී තිබෙන තත්ත්වය ගැන ද අවබෝධයකින් සිටිනවා.

17වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක‍්‍රිය කරමින් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කිරීම ගැන ද සුදු වෑන් සංස්ඛෘතිය ගැන ද, අප රටත් - ජනතාවත් දැනුවත් කළා.

පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ, කොළොන්නාව මැතිවරණ කොට්ඨාශයේ සිදු වූ වෙඩි තබා ගැනීමේ සිද්ධියෙන් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්වීම සහ දුමින්ද සිල්වා මහතා බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව ජනතාව කතා කරනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ ආදියට සිදුව තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව ද, ඒ පරීක්ෂණවල තත්ත්වය පිළිබඳව ද ජනතාව ප‍්‍රශ්න කරනවා.

හම්බන්තොට, තංගල්ල වෙරළ සංචාර හෝටලයක දී විදේශීකයෙකු වෙඩි තබා ඝාතනය කර විදේශික කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධියට වගකිව යුත්තෝ කවුරුන්ද? ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැුළියක් සඳහා හම්බන්තොට බලා ගමන් කරමින් සිටි බස් රථයට වෙඩි තබා කාන්තාවක් ඝාතනය කළේ මේ පුද්ගලයාමද?

මේ ආණ්ඩුව යටතේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උද්ගත වී ඇති උග‍්‍ර අර්බුදකාරී තත්ත්වය අප එදා සිටම රටට - ජනතාවට කරුණු පෙන්වා දුන්නා. උසස් පෙළ විභාග ප‍්‍රතිඵල අවුල සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අදාළ කමිටුව පත් කිරීමට ප‍්‍රථමව කමිටුවේ වාර්තාව එළිදක්වුණා.

රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ උද්ගත වී තිබෙන අර්බුදය ද අප මීට ප‍්‍රථම පැහැදිලිව පෙන්වා දුන් අතර පෞද්ගලික විශ්වවිද්‍යාල අනුමත කිරීම විධිමත් ක‍්‍රියා පටිපාටියකට අනුව සිදු නොකිරීම හේතුවෙන් තවත් අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

එළවළු සහ පලතුරු ප‍්‍රවාහනය කිරීම සඳහා ප්ලාස්ටික් බහාලූම් භාවිත කිරීම අනිවාර්ය කිරීමත් සමඟ තවත් ප‍්‍රශ්න ඝණනාවක් මතු වීතිබෙනවා. මේ ප‍්‍රශ්නයට ද කිසිඳු විසඳුමක් කවුරුවත් නොදීමෙන් සිදුව තිබෙන්නේ එළවළු නොමැතිව පාරිභෝගික ජනයා ද එළවළු ප‍්‍රවාහනය කරගත නොහැකිව ගොවි ජනයා ද අන්ත අසරණ වීමයි.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වැටුප් ප‍්‍රශ්නය ද බරපතළ ලෙස මතුව තිබෙන අතර රුපියලේ අගය ස්ථාවරව පවතිනවා ද, නැති නම් පාවීමට ඉඩ හැර තිබෙනවා ද යන්න පිළිබඳව කවුරුවත් දන්නේ නැහැ.

රටේ උද්ගත වී තිබෙන මේ උග‍්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ ජීවත් විය නොහැකිව ජනතාව අන්ත අසරණ වී සිටින නිසා ඊට එරෙහිව ජනතාව ඒකරාශී කරමින් ආණ්ඩු විරෝධී සටන අඛණ්ඩව ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයට යුතුකමක් සහ වගකීමක් තිබෙනවා.

අප රටත් - ජනතාවත් වෙනුවෙන් මේ කාර්යභාරය ඉටු කරමින් සිටින විට අපේ කකුලෙන් ඇද පක්ෂයේ නොමැති අර්බුද ගැන කතා කරන නිසා ඒ යුතුකම සහ වගකීම මෙතෙක් අපේ පාර්ශ්වයෙන් සම්පූර්ණයෙන් ඉටු වී නොමැති බව කිව යුතුයි.

මේ තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය මේ කරන්නේ කුමක් දැයි රටේ ජනතාව අපෙන් ප‍්‍රශ්න කරනවා. එසේ ප‍්‍රශ්න කිරීමට මිනිසුන්ට අයිතියක් තිබෙනවා. අප එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ පරම්පරාවනුයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහත්වරුන්ගේ දේශපාලන පක්ෂයයි.

මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළේ බලයේ සිටියත් විපක්ෂයේ සිටියත් රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය සහ සාමය ද, මහා විහාර සිරිත ද, ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය ද ආරක්ෂා කිරීම සඳහායි.

මේ දේශපාලන සම්ප‍්‍රදාය අනුව ජනතාව එදා අපේ නායකයින් හැඳින්වූයේ ඩඞ්ලි සේනානානයක මහත්තයා... ජේ.ආර්. ජයවර්ධන මහත්තයා... කියායි. ඒ සම්ප‍්‍රදායෙන් තොරව අප මරියා කඬේ මාලූ වෙළෙඳපොළේ ආකාරයට හැසිරෙනවා නම් සහ කතා කරනවා නම් මිනිසුන් අපෙන් ඈත් වනවා.

මේ රටේ ආණ්ඩු ගොඩනැගිය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂ වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි. ද්‍රවිඩ ජාතික සන්ධානයට ද්‍රවිඩ ජනතාව අතර යම් පදනමක් තිබෙන අතර අනෙකුත් දේශපාලන පක්ෂ සුළු පක්ෂයි.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුවක් නොමැති අවස්ථාවක විකල්ප ආණ්ඩුව ලෙස එක්සත් ජාතික පක්ෂයත් නොමැති නම් රටට - ජනතාවට සිදු වන්නේ කමක්ද? එසේ වුණොත් ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමයන් පසෙක තබා අනෙකුත් ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට ඉඩ තිබෙනවා.

මේ අනුව පැහැදිලි වන්නේ මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතා අපට එදා පැවරූ යුතුකම් සහ වගකීම් අප පැහැර හැර තිබෙන බවයි. එක්සත් ජාතික පක්ෂයේ විනය සහ නීතිය ඉතාම තදින් ක‍්‍රියාත්මක කරමින් ඉදිරියට ගෙන යන්න අප තීරණය කර තිබෙන්නේ තවදුරටත් ඊට ඉඩ දිය නොහැකි නිසයි. ඒ අනුව දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය මෙහෙය වූ ආකාරයටම අප මේ පක්ෂය ඉදිරියට මෙහෙයවමින් ගෙන යනවා.

ඒ වැඩපිළිවෙලේ මූලික කටයුත්තක් ලෙස අප මේ සමුළුව සහ පුහුණු වැඩසටහන ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ ආරම්භ කළා. මේ සඳහා පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් 165කට අප ආරාධනා කළත් සමහරුන් පැමිණ නැහැ. මේ සමුළුවෙන් පසුව ඊට සහභාගි නොවූ ඒ මහජන නියෝජිතයින්ගෙන් නිදහසට කරුණු විමසීමට අපේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කි‍්‍රයා කිරීමට නියමිතයි. 

එක්සත් ජාතික පක්ෂයේ අප සියල්ලන් අපේ පණිවුඩය රටට - ජනතාවට එකම හඬකින් දිය යුතුව තිබෙනවා. ඒ දේශපාලන පණිවුඩය ලබා දීමේ වැඩ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මහනුවර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුතුව මහජන නියෝජිතයින්ගේ කමිටුව පිහිටුවා තිබෙනවා.

ඊට අමතරව පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ ජාතික සංසදය සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගේ ජාතික සංසදය ද පිහිටුවා තිබෙන අතර ඒ සංසද මහජන නියෝජිතයින්ගේ කමිටුවට අනුයුක්ත කර තිබෙනවා.

දේශපාලනය කියන්නේ රටට - ජනතාවට සිය පෞද්ගලික පණිවුඩය ලබාදීම නොව සිය පක්ෂයේ පණිවුඩය නිවැරදිව ලබා දීමයි. සමහරුන් සිතුවේ ජනමාධ්‍ය ඔස්සේ මේ දේශපාලනය කළ හැකි බවයි. මේ සියලූ කටයුතු සඳහා පාක්ෂිකයාගේ සහ පක්ෂයේ විශ්වාසය දිනා ගත යුතු බව කිව යුතුයි. පාක්ෂිකයා අපට ඡුන්දය ලබා දෙන්නේ පක්ෂය කෙරෙහි විශ්වාසය තබා බව පැහැදිලියි. එම නිසා අප කිසිවෙකුට හුදෙකලාව ගමන් කළ නොහැකියි.

එක්සත් ජාතික පක්ෂයේ එකම මෙගාස්ටර් සහ සුපර්ස්ටාර් වන්නේ එක්සත් ජාතික පක්ෂයම බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු මෙගාස්ටර් හෝ සුපර්ස්ටාර් කෙනෙකක් ඇත්තේ නැහැ.

එම නිසා ඒ පණිවුඩය අප දිය යුතුයි. පුද්ගලයින් දෙස බලා ක‍්‍රියා කරන්න එපා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ ජාතික වස්තුවක්. එම නිසා සෑම අවස්ථාවකම ඒ ජාතික වස්තුව දෙස බලා ක‍්‍රියා කළ යුතුයි. මේ ජාතික වස්තුව ආරක්ෂා කර ගෙන ඒ ඔස්සේ රටට ගොස් ජනතාව දැනුවත් කර සංවිධානය කරමින් ආණ්ඩු බලය ගෙන රටත් - ජනතාවත් බේරා ගැනීම අපේ වැඩසටහනයි.

ඒ වගකීම සහ කාර්යභාරය ඉටු කිරීම සඳහා සෑම මහජන නියෝජිතයෙකුම ඇප කැප වී ක‍්‍රියා කළ යුතුයි. කවුරුන් හෝ ඒ වගකීම සහ කාර්යභාරය පැහැර හරින්නේ නම් අප සියල්ලන් ඇද වැටෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රශ්න සියල්ල සහ ඡුන්ද විමසීම් ආදිය අවසන් වී තිබෙන මේ මොහොතේ අප සියල්ලන් එක හඬකින් කතා කරමින් එකට එක්ව යා යුතුයි. යමෙකුට එසේ යා නොහැකි නම් ඔහු වහාම ඉවත් කර අලූත් අය සමඟ අප මේ ගමන ඉදිරියටම යනවා.

ජනමාධ්‍ය ඔස්සේ පමණක් පණිවුඩයක් ලබා දීමෙන් දේශපාලන පක්ෂයක් ජයග‍්‍රහණය කරවිය නොහැකි බව කිව යුතුයි. සියලූම ජනයා රූපවාහිනී මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය පාවිච්චි නොකිරීම ඊට හේතුවයි. එම නිසා සමස්ථ ජනතාව දැනුවත් කරමින් ඒකරාශී කිරීම සඳහා අප කළ යුත්තේ වහාම අපේ පණිවුඩය ගෙන ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරිමයි.

ගමට ගොස් පාක්ෂිකයන් ඒකරාශී කළ යුතු බවත්, සෑම ශාඛා සමිතියකම රැුස්වීම් සඳහා යා යුතු බවත් ක‍්‍රම ක‍්‍රමයෙන් ගමේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ප‍්‍රමාණය වැඩි කර ගත යුතු බවත්, අපට කියා සිටි දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන් ගෙට ගොස් ජනතාව ඒකරාශී නොකළහොත් නාම යෝජනා අපට ලබා දෙන්නේ නැතැයි ද අනතුරු ඇගෙව්වා.

ඒ අනුව ක‍්‍රිය කළ අප අපේ මැතිවරණ කොට්ඨාශයේ හතර මායිම් ද, ඒ ආසනයේ සියලූ ජනතාව සහ ඒ අයගේ සියලූ විස්තර ද දැන සිටියා. කෙසේ නමුත් අපේ බොහෝ අය සිතා සිටින්නේ මේ සියල්ල ජනමාධ්‍ය ඔස්සේ ජයගත හැකි බවයි.

දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ කාලයේ අපේ ආණ්ඩුවේ අවසානය ආරම්භ වූයේ අවනීතියට පහර ගැසීමෙනුයි. එදා අවනීතියට එරෙහිව ආණ්ඩුවට පහර ගැසුවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂයි. කෙසේ හෝ මේ පහර ගැසීම නිසා අවසානයේ දී අප පරාජයට පත් වූණා. නමුත් පහර ගැසීමේ ක‍්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටි මහින්ද රාජපක්ෂ එවකට අගමැති වුණේ නැහැ. ඒ ඇයි? ඒ සංවිධානය එදා තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේයි. එම නිසා එතුමිය ඒ සංවිධානය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට පැවරුවා.

අවනීතිය යන මාතෘකාව අතට ගෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගසා අප පරාජය කළත් අගමැති වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි. ඒ සංවිධානය නොතිබුණා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ඒ ස්ථානයට පැමිණීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ තත්ත්වය යටතේ අවසාන වශයෙන් වැදගත් වන්නේ ඒ දේශපාලන සංවිධානය බව පැහැදිලි වනවා.

එම නිසා ඇස් කණ්ණාඩි බෙදා දීමෙන් හෝ සිය චරිතය ගැන පමණක් කතා කිරීමෙන් දේශපාලන ජයග‍්‍රහණ ලබාගත නොහැකියි. දේශපාලනය ගැන කතා කිරීමට සහ දේශපාලනය කිරීමට එම නිසා කවුරුන් වගබලා ගත යුතුයි. 

එම නිසා ජනමාධ්‍ය ඔස්සේ ගොස් අප කරන්නේ සිය මනාප වැඩි කර ගැනීම පමණක් වන අතර මේ අවස්ථාවේ අප කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඡුන්ද ප‍්‍රමාණය වැඩි කිරීමයි. 

එසේ නම් රටත් - ජනතාවත් වෙනුවෙන් අපි එකතු වෙමු. අපි ආණ්ඩු බලය ගමු. අපෙන් පක්ෂයට විය යුත්තේ කුමක්දැයි අප ඇසිය යුතුයි. පක්ෂයෙන් ලේ උරා බී පෝෂණය වී ඊට පසුව පැන යන කූඩැල්න් අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ සැබෑ එක්සත් ජාතික පක්ෂිකයිනුයි.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේ කීය.

සියලූ පාර්ශ්චයන් සමඟ එකට ඒකාබද්ධව රට පුරා ආණ්ඩු විරෝධී සටන අඛණ්ඩව අවුලූවා ¥ෂණයෙන්, භීෂණයෙන් සහ මර්දනයෙන් පිරුණු ආණ්ඩුව පෙරළා යහපාලනයක් රටේ ඇති කරන අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරය අප ආරම්භ කළා.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් තෝරා ගැනීම ඇතුලූ ඒ වැඩකටයුතු ද අවසන් කර තිබෙන නිසා දැන් සියලූ පාර්ශ්චයන් එකට එක්ව ආණ්ඩු විරෝධී සටන ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන නිලධාරීන් යටතේ පෙරට ආ යුතුයි.

අදාළ තනතුරු සඳහා සිදු කෙරෙන ඡුන්ද විමසීමෙන් පසුව කවුරු කවුරුත් නැවත එකට එකතු වී ආණ්ඩුවට විරුද්ධව ඉදිරියට යා යුතු බවට ගත් කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව වැඩ කිරීම සියල්ලන්ගේ යුතුකම සහ වගකීම වනවා.

ඒ තීන්දු සහ තීරණ උල්ලංඝණය කරමින් යමෙකු ක‍්‍රියා කරන්නේ නම් හෝ එක්සත් ජාතික පක්ෂයට පරිභාහිර සංවිධාන ගොඩනගන්නේ නම් හෝ ඔහු සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට අනුව ක‍්‍රියාකිරීමට අප තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය, ආරක්ෂා සහ පැවැත්ම වෙනුවෙන් විනය සහ නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන අප ඒ ඒ නිලධාරීන් ද, ආසන සංවිධායකවරුන් ද, අනෙකුත් වගකිව යුත්තන් ද සිය වගකීම් සහ කාර්යභාරයන් ඉටු කරනවාද, නැද්ද යන්න පිළිබඳ සොයා බලා තීන්දු තීරණ ගැනීමට ක‍්‍රමවේද පවා සකසා තිබෙනවා.

නිශ්චිත සාමාජික සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ස්ථීරව තබා ගැනීමටත්, සාමාජිකයින් සංඛ්‍යාව ක‍්‍රමානුකූලව වර්ධනය කිරීමටත් තීරණය කර තිබෙන එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම නිශ්චිත න්‍යාය පත‍්‍රයකට අනුව ඉතාම වැදගත් අයුරින් පැවැත්වීමට ද තරයේ තීරණය කර තිබෙනවා.

සෑම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුයෙකු වෙනුවෙන්ම පුද්ගලික ලිපි ගොනුවක් ආරම්භ කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. 

ඒ ඒ මන්ත‍්‍රීවරයාගේ සියලූ දේශපාලන ක‍්‍රියාකාරකම් සහ හැසිරීම් පිළිබඳ තොරතුරු ද, ඔහු පක්ෂයේ දේශපාලන වැඩ සඳහාත්, ආණ්ඩු විරෝධී ක‍්‍රියාමාර්ග සඳහාත් ලබා දෙන දායකත්වය පිළිබඳ තොරතුරු ද ඇතුලූ තොරතුරු ඊට ඇතුළත් කිරීමට නියමිතයි.

ඒ ඒ මන්ත‍්‍රීවරයාගේ මේ පෞද්ගලික ලිපි ගොනුව මත ඔහු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීමට කටයුතු කරනවා.

ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඒ අයගේ හම්බන්තොට, තිස්සමහාරාම දෙබරවැව සමුළුවේ දී පක්ෂයේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා ගත් ඒ පියවර ඉතාම වැදගත් බව කිව යුතුයි.

දේශපාලන පක්ෂයක විනය සහ නීතිය ආරක්ෂා කර ගැනීම සඳහාත්, ඉදිි ගමන වෙනුවෙනුත් එවැනි පියවර ගත යුතුව තිබෙනවා. දේශපාලන පක්ෂයකට දැඩි විනය නීති රාමුවක් අත්‍යවශ්‍යයි. එසේ නොවුණහොත් සිදු වන්නේ විවිධ අය එළියේ විවිධ කතා කිරීම බව කිව යුතුයි. එකිනෙකාට  ඕනෑ ආකාරයට තව දුරටත් මෙසේ විවිධ කතා එළියේ කියන්න ඉඩ දිය යුතු නැහැ.’’

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ඒකකයේ ප‍්‍රධානී සහ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීරම, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක, මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක්ද, පාළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරු ද එක්ව සිටියහ.

Posted by Ravaya on 7:09 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "එජාපයෙන් xxx ව්‍යාපෘතියක්"

Leave a reply