මත වැඩිකමට ඇද වැටුණු සාපිංගේ කෙස් ටිකත් අල්ලල හුඹහක් බැදලා

එදා රෝස්මරි වත්තේ පඩි දවස, කල්වේලා ඇතුව පඩියත් අරගත්තු සාපිං ලොක්කා ඇගේ පතේ කෙඩෙත්තුවයි හොන්දු මාන්දු ගතියයි යන්නත් එක්කලා ඇග ටිකක් රත්කර ගත්තොත් හොදයි කියලා ගමේ කෙලෙවෙරේ තිබිච්ච හොර කසිප්පු පොලකට කිට්ටු කළා.
‘‘දැන් ඉවර වුණා විතරයි සාපිං අයියා.... ටිකක් හිටියොත් ස්ප‍්‍රීට්වලින් පොඞ්ඩක් බොතෑකි....’’ කියල කසිප්පු වීරයා කියාපි.
‘‘කමක් නෑ මලයෝ.... අද නං ටිකක් බොන්ඩම  ඕනෑ’’ කියපු සාපිං ලොක්ක ස්ප‍්‍රීතු මුට්ටිය ගේනකම්ම හිටිය. රස්නෙවත් ගිහිං නැති කසිප්පු ස්ප‍්‍රීතු වීදුරු දෙකක් දානකොට වීරය කියාපි ‘‘ ඕව නං සෙල්ලං නෑ.... මරේ මරු බඩු’’ කියල.

‘‘අනේ පලයං බං යන්න.... අඩෝ අපේ අම්ම මං බිහිකරල තියෙන්නෙ කසිප්පු හැලියකට හරිද?’’ සාපිං ලොක්කා එහෙම කියාපි.
මහපාරට ආපු සාපිං ලොක්කට එදා තමයි තේරුණෙ පෘතුවිය කැරකෙවෙන බව. හැබ්බෑ....නේ....න්නං ඇත්තනෙ බොල මහපොළව කැරකෙනවා.... කියන්නෙ.’’
තනියම කතා කර කර මැදගොඩ පැත්තට යන අඩිපාර දිගේ සාපිං ලොක්කා පල්ලම් බැස්සා. කෙලින් ඉන්නම බෑ. අඩියක් තියනකොට දෙකක් විසිවෙනවා....
බැරිම තැන උන්දැ පාර අයිනෙ හුඹහක් ලග දිග ඇදුණා. නින්ද ගියා නිකං යකා ගහල වගේ.
එකම නින්දයි අවදිවෙන්න හදන කොට හරියටම හවස හයයි. ම්හ්.... නැගිටින්න ඔලූව උස්සන්න බෑ.
‘‘ක්.... ක්.... කවුද යකෝ මගෙ ඔලූවෙන් අදින්නෙ....? සාපිං කෑ ගහපි.
ඔලූව කවුරු අදින්නද ඒ පැය දෙක තුනට සාපිංගෙ ඔලූවෙ කෙස් ටිකත් අල්ලලා වේයො හුඹහ බැදලා....
එළවලූ කඬේ ළගදි උන්දැ මේ ඇබැද්දිය කිවු නිසා දැං ගමම දන්නව සීන් එක.

Posted by Ravaya on 3:17 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මත වැඩිකමට ඇද වැටුණු සාපිංගේ කෙස් ටිකත් අල්ලල හුඹහක් බැදලා"

Leave a reply