සිරියාවේ ජාතික ඒකාබද්ධ රජයක් පිහිටුවන ලෙස ආරාබි ලීගයෙන් බලපෑම්

මාස ගණනක් පුරා සිරියාවේ සිදුවන ප‍්‍රචන්ඩ ක‍්‍රියා නැවැත්වීමේ අරමුණින් එරට තුල ජාතික ඒකාබද්ධ රජයක් පිහිටුවන ලෙස අරාබි ලීගය සිරියානු බලධාරීන්ට දන්වා තිබේ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවැති අරාබි ලීග සාමාජිකයින්ගේ හමුවෙන් පසුව ඔවුන් මෙම දැනුම්දීම සිදුකර ඇත.

එහිදී උප ජනාධිපතිවරයාට බලය පවරන ලෙස සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට දැනුම්දී ඇත.

සිරියාවේ පිහිටුවන ජාතික ඒකාබද්ධ රජයට විපක්ෂයද ඇතුලත් කරගත යුතු බවත් එය මාස දෙකක් ඇතුලත පිහිටු විය යුතු බවත් එහිදී අරාබි ලීගය කියා තිබේ. ඒ අනුව සිරියානු රජය සති දෙකක් ඇතුලත විරුද්ධ පක්ෂය සමග සාකච්ඡා සිදු කිරීම ඇරඹිය යුතු බවත් ඒ හරහා පිහිටුවන ජාතික ඒකාබද්ධ රජය මාස තුනක් ඇතුළත මැතිවරණ සඳහා සුදානම් විය යුතු බවත් අරාබි ලීග සාමාජිකයෝ කියා සිටියහ.

තම රටේ අභ්‍යන්තර කි‍්‍රයාකාරීත්වයට අනිසි බලපෑම් එල්ල කරන බව පවසමින් සිරියානු රජය ආරාබි ලීගයේ මෙම සැලසමු ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

Posted by Ravaya on 6:05 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සිරියාවේ ජාතික ඒකාබද්ධ රජයක් පිහිටුවන ලෙස ආරාබි ලීගයෙන් බලපෑම්"

Leave a reply