වියට්නාමයේදී ඇමරිකන් සැත්කමක්

වියට්නාම ජාතිකයෙකුගේ පාදයක වු දැවැන්ත ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත්වී ඇත. කිලෝග්‍රෑම් 90ක පමණ බරකින් යුත්තවූ මෙම ගෙඩිය වියට්නාමයේ හෝ චි මිං නගරයේ පිහිටි රෝහලකදී ඉවත්කර ඇත.


අදාල රෝගියා වයස අවුරුදු 4 දී පමණ මෙම ගෙඩිය හටගත් අතර ඔහුට වයස අවුරුදු 17 ක් වනවිට ඇවිදීමට නොහිකවන තරම් එය විශාලවී ඇත. මෙම සැත්කම සිදුකරන අවස්ථාවේදී ඔහුට අවුරුදු 31 ක් විය.

මෙම සැත්කමේ විශේෂත්වය වන්නේ සැත්කම සිදුකළ ප්‍රධාන වෛද්‍යවරයා කිසිදු මුදලක් අය නොකර මෙම සැත්කම සිදු කළ අතර සමස්ථ සැත්කමද ආධාර මුදල් මත සිදුවීමයි.

Posted by Ravaya on 7:26 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "වියට්නාමයේදී ඇමරිකන් සැත්කමක්"

Leave a reply