සුරූපි කාන්තාවන් අටකගේ එකතුවෙන් හැදුනු සුරූපිනිය
ලොව සියලූම කාන්තාවන් සතු යම්කිසි ලස්සනක් තිබේ. එසේම කිසිම රුප සුන්දරියක් සර්ව සම්පූරණ රූපශ‍්‍රීයකින් යුතු වූවෝ නොවෙති. මහබඹාට පවා මැවිය නොහැකි වූ සර්ව සම්පූර්ණ රූප සුන්දරියක් මැවීමට පරිගනකයට හැකිවී තිබේ.මේ වනවිට බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් සුරූපි කාන්තාවන් අට දෙනෙකුගේ වඩාත් කැපී පෙනෙන සුන්දරම ශරීරාංග එක්කොට මෙම සුන්දර පරිගනක සුරූපිනිය සැකසී ඇත.
ඇයගේ හිසකෙස් කේම්බි‍්‍රජයේ ආදිපාදවරියට සමානය. ඇහිබැම සුපිරි නිලි මේගන් ෆොක්ස්ට සමානය. ඇස් සුරූපී නිළි ෂර්ලි කෝල් මෙනි. කේට් බෙකින්සල්ගේ නාසය ද ඇයට හිමිය. සුරූපී ඇන්ජලිනා ජෝලිගේ තොල් සගලින් ද මෙම පරිගණක සුන්දරිය රූමත් වී තිබේ. ඇයට ඇත්තේ කෙයිරා නයිට්ලිගේ වැනි දෙකොපුල්ය. ඇගේ ගෙල ග්යිනෙන් පැල්ට්‍රෝගේ මෙනි. ළැම කෙළි බෲක්ට සමානය. ලොව සියලූ සුරූපිණියන් අභිබවා ගිය ආකර්ෂණයක් පරිගණක මැවූ මෙම සුරූපිනිය තුළ ඇති බවට බොහෝ දෙනා පවසති.













0 comments for "සුරූපි කාන්තාවන් අටකගේ එකතුවෙන් හැදුනු සුරූපිනිය"