‘ක‍්‍රිකට් නිලවරණට දෙයියන්ගේ තීන්දුව බලපෑවේ නෑ’

ක‍්‍රිකට් නිලවරණය බලපෑම් සහිත හෝ දූෂිත නිලවරණයක් බවට යම් කෙනෙකු හෝ පාර්ශ්වයක් මගින් සනාථ කළහොත් තමා ක‍්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවත්ව යන බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කියයි.

අමාත්‍යවරයා මේබව පැවසුවේ ඊයේ (09)කොළඹ ඔලිම්පික් නිවහනේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

වසර 2012 ක‍්‍රිකට් නිලවරණය ”දෙයියන්ගේ තීන්දුව” මත සිදුවූවක් ලෙස ඇතැමුන් හැඳින්වුවත් මෙරට ක‍්‍රිකට් පරිපාලනයට අනුබද්ධිත ක‍්‍රීඩා සංගම් 148 න් එකදු සංගමයකින් හෝ එම නිලවරණයට බලපෑම් සිදුවූ බවට ලිඛි හෝ වාචිකව මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද ඔහු කීය.

ක‍්‍රිකට් ආයතනයට අනුබද්ධව ක‍්‍රීඩා සංගම් 148 ක් තිබුණත් ඉන් 50% ක්ම නීත්‍යානුකූල නොවන බවද අමාත්‍යවරයා හෙළි කළේය.

ඊට හේතවී ඇත්තේ අදාල කී‍්‍රඩා සංගම්වල වාර්ෂික නිලවරණ නොපැවැත්වීම බවද ඔහු පෙන්වා දුන්නේය.

එය දෙයියන්ගේ තීන්දුවක් නොවන බවද ඔහු කීය.

ඇතැමුන් කි‍්‍රකට් නිලවරණය පැවැති දිනය දක්වාම මේ ඡන්දය ජය ගැනීමට සටන් කල බවත්, ඔවුන් දිනන බව කීවත් ඔවුන්ට ඡන්ද නොතිබූ බවත් පැවසූ අමාත්‍යවරයා ඔවුන් පරදින බැවින් අවසන් මොහොතේ ඉවත්වූ බවද පැවසීය.

තවත් දෙවසරකින් ක‍්‍රිකට් යථා තත්ත්වයට පත් කළ හැකියැයි කී‍්‍රඩා ඇමතිවරයා කියා සිටි අතර එහිදී මාධ්‍යවේදියකු පෙරලා ප‍්‍රශ්නකර සිටියේ අමාත්‍යවරයා එසේ කීවද නව සභාපතිවරයා පවසා තිබෙන්නේ කි‍්‍රකට් ගොඩ ගැනීමට වසර පහක්වත් අවශ්‍ය බව යැයි පැවසීය.

ඇමැතිවරයා - ඔහු පවසා ඇත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගන්න වෙන්න ඇති.

මාධ්‍යවේදියා - නැහැ. ක‍්‍රිකට් මූල්‍ය අර්බුද සහ පරිපාලනය ගැනයි සභාපතිවරයා පවසා ඇත්තේ. එය බෝලය පාස් කිරීමක්ද...?

ඇමැතිවරයා - එහෙම කරන්න සභාපතිවරයාට මම ඉඩ දෙන්නේ නැහැ. ඔහු වුණත් හරියට වැඩ නොකළොත් තීරණයක් ගන්න මම පසුබට වෙන්නේ නැහැ. මේ සියලූ කරුණු සම්බන්ධව තමයි අපි දෙපාර්ශ්වය සාකච්ඡා කරන්නේ.

Posted by Ravaya on 8:13 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "‘ක‍්‍රිකට් නිලවරණට දෙයියන්ගේ තීන්දුව බලපෑවේ නෑ’"

Leave a reply