සුසුකි රීට්ස් එළිදකී

සුසුකි වාහන සඳහා ශ‍්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන ඒර්ඒ සමාගම BS-IV Compliant තාක්ෂණය සහිත ඉන්දියාවේ ප‍්‍රථම මෝටර් රථය වන Suzuki Rits මෝටර් රථය ඊයේ (23) එළිදක්වා තිබේ.

Suzuki Ritz මෝටර් රථය හැඩගන්වා ඇත්තේ වර්තමාන යුරෝපීය මෝටර් රථ නිර්මාණ සංකල්පවලට අනුවය. පිටුපස ආසනය, වැඩිහිටි මගීන් තිදෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි ඉඩපහසුවෙන් යුක්ත වනඅතර ශ‍්‍රී ලංකාවේ දුෂ්කරම මාර්ගවලට පවා ගැළපෙන පරිදි, ශක්තිමත් සස්පෙන්ෂන් පද්ධතියකින් සහ මිලිමීටර් 170ක බිම් වාසිය (Ground Clearance) කින් යුක්තය.

Suzuki Ritz රථය. යුරෝපීය අලංකරණයන්ගේ අපූර්වත්වය, ඉන්දියානු එන්ජින් තාක්ෂණයේ නවීනවතම ජයග‍්‍රහණයන් හා මුසුකරන අතර, එමගින් Suzuki නාමය මෙම මාදිලි අංශ (ඒ 2 මාදිලි) ඉහළටම ඔසවා තබයි. සුසුකි සමාගම මේ වනවිටත් එහි 58% ක වෙළෙදපොල හිමිකාරිත්වයක් දරයි.

Suzuki Ritz මෝටර් රථය, නවතම ලීටර් 1.2 ක ධාරිතාවෙන් යුක්ත, සිලින්ඩර 4, 85 PS K-Series පෙට්රල් එන්ජිමක් සහිතය.

Posted by Ravaya on 5:27 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සුසුකි රීට්ස් එළිදකී"

Leave a reply