ආරක්ෂක අංශ ගත් දේපළ ඉල්ලා නඩු

උතුරේ අධිආරක්ෂක කලාප වශයෙන් තිබී ඉන් ඉවත් කරන ලද ප‍්‍රදේශ නැවතත් ආරක්ෂක අංශ කටයුතු සඳහා ලබාදෙන ලෙස අදාළ ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ආරක්ෂක අංශ ඉල්ලීම් කර ඇති බවත් ඊට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට, තමන් තීරණය කර ඇති බවත් දෙමළ සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පා.ම. මාවෙයි සේනාධිරාජා ප‍්‍රකාශ කරයි.
කන්කසන්තුරේ, කිරිමලේ, මාදගල්, මට්ටුපලම්, තුණුකායි යන ප‍්‍රදේශ එසේ ආරක්ෂක අංශ ඉල්ලා ඇති ප‍්‍රදේශ බවත් ඊට එරෙහිව දේශීය වශයෙන් නඩු පැවරීමට මෙන්ම ජාත්‍යන්තරව කටයුතු කිරීමටත් සූදානම් බව මන්ත‍්‍රීවරයා පවසයි.
දැනට ආරක්ෂක අංශ සිය කටයුතු සඳහා භාවිත කරන පෞද්ගලික ඉඩම් හා නිවාස පිළිබඳව තමන්ට දැනුම්දීමක් සිදුකරන ලෙසද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
රාවය












0 comments for "ආරක්ෂක අංශ ගත් දේපළ ඉල්ලා නඩු"