‘ඉන්දීය පිතිකරුවන්ගේ දස්කම් නිවසේ පමණයි’

ඉන්දීය පිතිකරුවන් පවුලට ලැදි ස්වාපුරුෂයන් වැනි බවත්, ඔවුන්ගේ දස්කම් ඇත්තේ නිවසේ බවත් ඉන්දීය ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන පූනම් පාන්ඩේ කියයි.

ඇය මෙසේ පවසා ඇත්තේ ටිවිටර් පණිවිඩයක් හරහාය.

සාමාන්‍යයෙන් ඉන්දියානුවෝ ඉන්දියාවෙන් පිට සංචාරයන්හිදී දුර්වල බවද ඇය පවසන්නීය.

පූනම්, 2011 ලෝක කුසලානය දිනාගැනීම සදහා ඉන්දීය කී‍්‍රඩකයන්ට දිරිදීමේ අපේක්ෂාවෙන් තම නිරුවත පෙන්වීමට  සූදානම් වීම හේතුවෙන් ජනපි‍්‍රයත්වයට පත් විය.

ඉන්දීය කී‍්‍රඩකයන් ලෝක කුසලාන දිනාගත හොත් ඔවුන් නම් කරන   ඕනෑම ස්ථානයකදී සම්පූර්ණයෙන් නිරුවත් වන බව පූනම් ප‍්‍රකාශ කර තිබිණි.

පූණම්ගේ මෙම  ප‍්‍රකාශයට ඉන්දීය සංස්කෘතියට පටහැනි බවත්, ඇය කී‍්‍රඩකයන් ඉදිරියේ නිරුවත් වුවද, නොවුවද එවැනි ප‍්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇයට දඩුවම් කළ යුතු බව එරට නීතිඥවරයෙකු බෝපාල් ප‍්‍රධාන අධිකරණයෙහි නඩුවක් පවරා තිබිණි.

මේ අතර, පෙටා නමැති සත්ව සුබසාධන සංගමයක් ඇගේ නිරුවත සත්ව සුබසාධනය වෙනුවෙන් යොදාගන්නා ලෙසට ඉල්ලීමක්ද කර තිබිණි.

කි‍්‍රකට් කී‍්‍රඩාවට භාවිත කෙරෙන ලෙදර් පන්දුව නිපදවෙන්නේ සත්ව සමෙන් වන බැවින් ඒ වෙනුවට කෘතීම පන්දු භාවිත කරන්නැයි ලෝකයට බල කරමින් හඬ නගන ලෙස  එම සුබසාධක සංගමය පූණම්ට යෝජනා කර තිබූ බවද පැවසේ.

Posted by Ravaya on 11:25 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "‘ඉන්දීය පිතිකරුවන්ගේ දස්කම් නිවසේ පමණයි’"

Leave a reply