කරූ-සජිත් කණ්ඩායම හිමිවරු සටනට කැදවති

රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් නෙරපා හැරිම සඳහා බහුජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති කරූ-සජිත් කණ්ඩායම එහි මූලික පියවර ලෙස භික්ෂූන් වහන්සේලාගේ පෙරමුණක් සෑදීමට තීරණය කර තිබේ.

කරූ ජයසූරිය මහතාගේ නිවසේ ඊයේ (16) රාත‍්‍රියේ පැවති එම කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලය හිමිවුවද රටපුරා සිටින පාක්ෂිකයින්ගේ ප‍්‍රසාදයක් නොමැති බව මෙහිදී ප‍්‍රකාශ වී ඇති අතර එම තත්ත්වය තුළ විනය කමිටු නොතකා හරිමින් සටන ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ හරහා වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය හෑල්ලූවට ලක්කල යුතු බවත්, ශිරාල් ලක්තිලක මහතා යෝජනා කර තිබේ.

වික‍්‍රමසිංහ මහතා සමග ගැටුමකට යෑමට කරූ ජයසූරිය මහතා මෙහිදී එතරම් කැමැත්තක් දක්වා නොමැති අතර එසේ සටන් නොකරන්නේනම් තවදුරටත් මේ වෙනුවෙන් නොවෙහෙසෙන බව එම සාකච්ඡාවට පැමිණි කිහිප දෙනෙකුම ජයසූරිය මහතාට බලපැම් කර තිබේ.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ දින කෘත්‍යාධිකාරී මන්ඩලයට ඉදිරිපත් කළ විනය යෝජනා මාලාව පිලි නොගැනීමටත් එය ප‍්‍රසිද්ධියේ කඩකිරීමටත් තීරණය වී තිබේ.

මෙම විශේෂ සාකච්ඡාවට සහභාගී වූ පිරිස් ඉවත්ව ගිය පසු  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා, පේ‍්‍රමදාස මහතා සමග යළිත් ජයසූරිය මහතාගේ නිවසට පැමිණ ඉදිරියේදී ගතයුතු ක‍්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

Posted by Ravaya on 3:43 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "කරූ-සජිත් කණ්ඩායම හිමිවරු සටනට කැදවති"

Leave a reply