තෙවන වරටත් නිකරතුවාවේ ජනාධිපති ඔටේගා

ඔටේගා ඉකුත් නොවැම්බර් මැතිවරණයෙන් 62%ක ජනවරමක් ලබමින් යළි බලයට පත්ව තිබේ.
ඉරාන මොහොමඩ් අහමදීන්ජාඩ් ජනාධිපති වරයාද  තෙවන වරටත් නිකරගුවාවේ ජනාධිපති ධූරයට පත් 66 හැවිරිදි ඩැනියල් ඔටේගාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වී ඇත. මීට අමතරව මෙම උත්සවයට 8000 ක පමණ අමුත්තන් පිරිසකට ආරාධනා කර තිබුණු අතර වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ද ඒ අතර විය. ඔටේගා ඔවුන් වැළඳ ගනිමින් පිළිගෙන තිබිණ.

මෙහිදී ලෝකයේ එකිනෙකට වෙනස් කලාප දෙකකට අයත් තමන් දේපොළ සහයෝගීතාව හා සාධාරණත්වය වෙනුවෙන් සටන්වැද සිටින්නන් ලෙස අහමදීන්ජාඩ් හැඳින්වීය. ඒ සමඟම සාමකාමී අරමුණු පෙරදැරි කරගත් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ න්‍යෂ්ටික අර්බුදයක් බවට බටහිර ලෙබනනය විසින් පෙරළාගෙන තිබීම හාස්‍යයට කරුණක් බවද ඔහු කීය.

නිකරගුවා සදහා වැඩි ආධාර ප්‍රමාණයක් ලැබෙන්නේ වෙනිසියුලාවෙන් බව පැවසේ.
මේ අතර අහමදීන්ජාඩ් නිකරගුවා සංචාරයෙන් පසු ඉක්වදෝරයට යනු ඇතැයි පැවසේ.

Posted by Ravaya on 4:53 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තෙවන වරටත් නිකරතුවාවේ ජනාධිපති ඔටේගා"

Leave a reply