පුරාවිද්‍යාවේ අවසර නැතිව යාපනය පොලීසියේ ඉදිකිරීම්
පුරාවිද්‍යා නීතිරීති නොතකමින් යාපනේ කොටුවට අයත් පුරාවිද්‍යාත්මක භූමියේ යාපනය පොලිසිය මගින් අනවසර ඉදිකිරීමක් සිදුකරන බව වාර්තාවේ. මෙම ඉදිකිරීම සිදුකරනු ලබන්නේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මාධ්‍යම උපදේශක කාර්යාංශයයි. 1971 මැයි 21 වැනි දින 14759 දරන පුරාවිද්‍යා ගැසට් පත්‍රයට අනුව යම්කිසි පුරාවිද්‍යාත්මක ස්ථානයක සිට යාර 400ක සීමාවේ ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ගේ අවසරය ලබාගත යුතුය.නමුත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී එවැනි අවසරයක් ලබා නොගත් බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවැසීය. මේම ගොඩනැගිල්ල හේතුවෙන් යාපනේ කොටුවේ පෞරාණික පෙනුම විකෘතිවන බවත් මේ නිසා පොලීසියට ගැළපෙන විකල්ප ස්ථානයක් සොයා බැලීම හෝ කොටුවේ භූ දර්ශනයට ගැළපෙන ආකාරයට ගොඩනැගිල්ලේ සැලසුම වෙනස් කළයුතු බවත් පුරා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
මේ පිළිබඳව යාපනයේ පොලිස්ථානානධිපතිවරයාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ, ‘1927 සිට යාපනේ පොලිස් මූලස්ථානෙ තිබුණේ මෙතන. 1984 අපේ‍්‍රල් 10 එල්ටීටීඊ එක මේක සම්පූර්ණයෙන්ම විනාශ කළා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙ අවසාන මිනුම් වාර්තාවෙනුත් කියනවා මේක අපට අයතියි කියලා. යාපනේ කොටුවෙ ඉඳලා මීටර් 50 දුරින් දොරේඅප්පා ක්‍රීඩාංගනේ තියනවා. පුස්තකලෙට මීටර් 200යි. ටෙලිකොම් එකට මීටර් 150යි තියෙන්නෙ. මේවයින් මීටර් 400 සීමාවන් උල්ලංඝනය වෙලා නැද්ද? මේ පොලිසිය හදන එක විතරද ප්‍රශ්නේ යනුවෙන්ය.
මේම ඉදිරිකිරීම නතර කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලීසියට හා ඉංජිනේරු කාර්යාංශයට ලිඛිතව දැනුම් දී ඇත. මීට අමතරව 2012 ජනවාරි 12 වැනි දින යාපනය පුරාවිද්‍යා ස්ථානභාර නිලධාරී විසින්ද යාපනේ පොලීසියට ගොස් මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධව පැමිණිල්ලක් ගොනුකර ඇත. කෙසේ වෙතත් පසුගිය 17 වැනිදා යාපනේ පොලීසිය මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
- රාවය
0 comments for "පුරාවිද්‍යාවේ අවසර නැතිව යාපනය පොලීසියේ ඉදිකිරීම්"