බන්ධනාගාරයේ ජෑමර් ජෑම්වෙලා
විශාල මුදලක් වැයකරමින් බන්ධනාගාරය තුළ දුරකථන සංඥාවලට බාධා පැමිණවිය හැකි උපකරණ (ජෑමර්) සවි කර ඇති අතර බන්ධනාගරයට පිටතින් ඇති දුරකථන සේවා සපයන පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලූනකින් නිකුත් කරන අධි සංඛ්‍යාත තරංග හේතුවෙන් බන්ධාරගාරයේ ‘ජෑමර්’ යන්ත‍්‍ර ‘ජෑම්’ වී ඇත.රුපියල් මිලියන දහසක් වෙන් කර ඇති මෙම ව්‍යාපෘතිය අසාර්ථක විය හැකි නිසා විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කර අදාළ දුරකථන සේවා සපයන සමාගමට යම් යම් සීමාවන් පැනවීමට කටයුතු යෙදවීමට බන්ධනාගර කොමසාරිස් ජනරාල් ඩබ්. කොඩිප්පිලි මහතා තීරණය කර ඇත.
බන්ධනාගාරය තුළ ‘ජෑමර්’ යන්ත‍්‍ර සවි කිරීමෙන් පසුව ඒ අවට දුරකථන අක‍්‍රීය වීම නිසා අදාළ දුරකථන සමාගමෙන් සේවා ලබාගන්නා බන්ධනාගාරය අවට නිවැසියන්ට දුරකථන පහසුකම් ගැනීම අපහසුවී ඇත.
අදාල දුරකථන සේවා සමාගම මෙම තත්ත්වය මගහරවා ගැනීමට බන්ධනාගාරය තුල ඇති ජෑමරයට වඩා අධි සංඛ්‍යාත පිට කරන සේවාවන් සපයාදීමට පටන් ගනීමත් සමග දුරකථන සේවා යථාතත්වයට පත්වී ඇති අතර ජෑමර් යන්ත‍්‍ර බන්ධනාගාරවලට තවදුරටත් පළක් නොවන තත්ත්වයට පත්ව තිබේ.













0 comments for "බන්ධනාගාරයේ ජෑමර් ජෑම්වෙලා"