රනිල්ගේ ඇති වරද මොකක්ද? - උවිඳු කුරුකුලසූරිය
මෙම දෘෂ්ටිවාදයේ සහකරුවෙකු වශයෙන් සලකනු ලැබීම බුද්ධාගමේ ප‍්‍රතිරූපයට සහ අඩංගුවට බලපාන ලද බව රාජන් හූල් තම ‘බලයේ මහන්තත්වය’නම් පොතෙහි පැහැදිලිව විග‍්‍රහ කොට ඇත. එක් ජනවාර්ගික කණ්ඩායමකට සහ පාලක පන්තියේ අනුග‍්‍රාහකයන්ගේ බලය පිළිබඳ උන්නතිකාමයට බැඳීම මගින් මේ වර්ගයේ බුද්ධාගම එහි සාර්වත‍්‍රික ආකර්ෂණය සහ සදාචාරමය අන්තර්ගතය අහිමි කොට ගෙන ඇත. එය එක් ප‍්‍රශ්නයක් මත පදනම් වූ ආගමක්- එනම් දෙමළ ප‍්‍රශ්නය මත පදනම් වූ ආගමක් බවට පත්ව ඇත. බෞද්ධ භික්ෂුවක් වෙනත් ඕනෑම මාතෘකාවක් පිළිබඳව කතා කරන විට එයට උපේක්ෂාවෙන් සවන් දෙනු ලැබේ. නමුත් දෙමළ ප‍්‍රශ්නය පිළිබඳව වූ කල මොවුන්ගෙන් අපේක්ෂා කරනු ලබන්නේ සාම්ප‍්‍රදායික දැඩි මතධාරී ස්ථාවරය වන අතර එයට මාධ්‍ය මගින් ඇතිපදම් ප‍්‍රචාරයක් ද ලබා දෙනු ලැබේ. සිංහල ජනතාව ෆෙඩරල් මාදිලියේ විසඳුමක් සඳහා සම්පූර්ණයෙන්ම විරුද්ධ යැයි කීමට එවිට දේශපාලන නායකයන් ඉක්මන් වේ. මෙය වනාහි ඕනෑම රටක ආගමික සංස්ථාව විසින් රඟපානු ලබන භූමිකාවයි.දේශපාලන නායකයකු බෞද්ධ භික්ෂුවක් ඉදිරිපිට දණින් වැටීම වනාහි ඒ දෙදෙනාම නරුමවාදී ලෙස ඇත්තටම විශ්වාස නොකරන්නාවූ නමුත් මහජන ප‍්‍රදර්ශනය පිණිස සිදුකරන දෙයකි. නමුත් මෙය වනාහි දෙදෙනාටම වැඩදායක වන්නාවූ චාරිත‍්‍රයකි. දේශපාලන නායකයා තමන් ඉදිරිපිට දණ ගැසීම නිසා ලැබෙන සංකේතීය බලය භික්ෂුව විසින් භුක්ති විඳියි. ඒ හා සමඟම දේශපාලකයාට කෙළින්ම ප‍්‍රකාශ කරන්නට බැරි දෙමළ ප‍්‍රශ්නය පිළිබඳ සම්මුති විරහිත අන්තවාදී මතය බෞද්ධ ස්ථාපිතය විසින් ඔහු වෙනුවෙන් ප‍්‍රකාශ කරනු ලැබේ. දෙමළ ප‍්‍රශ්නය විසඳීම අතිශයින්ම අසීරු වී ඇත්තේ අපගේ දේශපාලන සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති මෙම චාරිත‍්‍රමය කුහකවත හේතුවෙනි.
රාජපක්ෂ සන්ධානය විසින් දේශනා කරන ජාතිවාදී නාසිවාදය වෙත ආපසු යෑමට රනිල්ට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ පැකේජයක් ඔහු සතුව ඇත. කැලණිය පන්සල සිංහල ජාතියේ වසර දෙදහස් පන්සියයක ඉතිහාසය සහ එහි වර්තමාන අනුග‍්‍රාහකයන් වන විජේවර්ධන පවුල අනුයෝජනය කරමින් ලියන ලද වැදගත් දෘෂ්ටිවාදී ලේඛනයක් වන ‘පන්සලේ පෙරළිය’ ලියන ලද්දේ හෙලේනා විජේවර්ධනගේ පුත් දොන් චාල්ස් විජේවර්ධන විසිනි. ඔහු වනාහි රනිල්ගේ මුත්තණුවන්ය. ‘‘කැලණිය වැටුණු විට ලංකාවද වැටේ. කැලණිය නැගෙන විට ලංකාවද නැගේ” යන සිය එලක්වන්ට් සටන් පාඨය මගින් ඔහු රටේ සහ කැලණිය පන්සලේ අනුග‍්‍රාහකයන්ගේ දෛවයන් එකට සම්බන්ධ කළේය. (උත්ප‍්‍රාසජනක ලෙස දැන් කැලණිය වැටී ඇත. දැන් එහි පාලකයා වන්නේ මර්වින් සිල්වා මිස රුවන් විජේවර්ධන නොවේ. ජොනතන් වෝල්ටර්ස් කියන ආකාරයට මෙය වනාහි ‘‘කැලණි පන්සලේ දායකයන් ලෙස විජේවර්ධන පවුලට හිමිව තිබෙන ඓතිහාසික ඳුත මෙහෙවර කෙරෙහි දෙමළුන් තර්ජනයක් බව ප‍්‍රකාශ කරන්නා වූද, නිදහසෙන් පසු ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා වන විජේවර්ධනගේ සැලැසුම ඉදිරිපත් කරන්නා වූද සෘජු ප‍්‍රකාශනයකි.” රනිල් කළ යුත්තේ තම මුත්තණුවන්ගේ තියරිය තරමක් අප්ගේ‍්‍රඞ් කොට දෙමළුන් සමඟ තවත් යුද්ධයක් සඳහා අත්තිවාරමක් දැමීමයි. එ.ජා.ප.යේ සිටින ඔය කැරලිකරුවන්ට අවශ්‍ය මෙයද? ඔවුන් යෝජනා කරන්නේ මහින්දගේ සිංහල බෞද්ධ ජාතිවාදය අභිබවා යන ලෙසද? රටට එවැන්නක් අවශ්‍යයැයි මම නම් නොසිතමි.
මා සිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් මෙය පැහැදිලිව තේරුම් ගෙන ඇති බවයි. එමෙන්ම ඔහු තම පක්ෂයේ දර්ශනය වෙනස් කොට ඇති බවයි. අවාසනාවකට එම දෘෂ්ටිවාදය ගම් මට්ටම හා බිම් මට්ටම කරා ගෙන යාමට අවශ්‍ය ජවසම්පන්න කණ්ඩායමක් ඔහු සතුව නැත. ඔහු සතුව ඇත්තේ කොහොමහරි අනිත් පැත්තට පැනගන්නේ කෙසේදැයි කල්පනා කරන මිනිසුන් සහ ගැහැනුන් රොත්තකි. මම එ.ජා.ප. ලෝලියෙකු නොවුණද මා එ.ජා.ප.ය තේරුම් ගන්නේ මහින්ද රාජ්‍යයට සමරූපී ලෙස එ.ජා.ප.ය = සමාජය ලෙසය.
ආරක්ෂණවාදය වෙනුවට නිදහස් වෙළෙඳාම, ජනසතුකරණය වෙනුවට පෞද්ගලිකකරණය, වෘත්තීය සමිති බලය වෙනුවට පාරිභෝගික බලය, ජාතිවාදය වෙනුවට ලිබරල්වාදය: මේ සියලූ තර්කවලින් සන්නද්ධ වූ කදිම ජවසම්පන්න කණ්ඩායමක් එ.ජා.ප. ය විසින් ස්ථාපිත කරගත යුතුය. ඔබේ පක්ෂයට යන එන මං නැතිවීමට පිළිතුර විය යුත්තේ වැටවල් උඩින් පැනීම නොවේ. ඔබට අවශ්‍ය ධාරණාවක් හෝ හැගීමක් ඇති කර ගැනීමට නම් මේ මග යමින් ඔබට අවශ්‍ය ආකර්ෂණීය නූතන එක්සත් ජාතික පක්ෂය බිහිකර ගත හැකිය.
සමහර මිනිසුන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රතිරූපය ඔවුන්ගේ පුද්ගලික ජීවිතයෙන් සපුරා වෙනස් ය. රනිල් වික‍්‍රමසිංහ යනු දේශපාලන නායකයකු වශයෙන් ඔබට හමුවීමට ලැබෙන කදිම සහ කාරුණික පුද්ගලයන් අතුරින් කෙනෙකි. මම මහින්ද රාජපක්ෂ හොඳින් හඳුනමි. ඔහු සමග කළ හැකි එකම දේ ඕපාඳුප කියවීමයි. නමුත් රනිල් සතුව ඇත්තේ විශ්වාස කළ නොහැකි තරමේ විදග්ධ මනසකි. ඔහු ඉතාම තීක්ෂණ පුද්ගලයෙකි. 1997 එක් දවසක මයිකල් රොබට්ස් මට ඔහු විසින් අලූතෙන්ම සංස්කරණය කරන ලද ”සාමූහික අනන්‍යතා නැවත විමසීමක්” නම් පොත මා වෙත පිළිගැන්වීය. ඉන් අනතුරුව මට රනිල් සමඟ රැස්වීමක් තිබුණු බැවින් මම ඔහු හමුවීමට යන විට ඒ පොතද මා අත විය. රනිල් ඒ පොත පිළිබඳව මට විශිෂ්ට හැඳින්වීමක් කළේය. රනිල් බොහෝ සෙයින් පොත පත කියවා ඇති පුද්ගලයෙකු වන අතර ඔහුගේ එක් සමීපතම මිතුරෙකු කියන ආකාරයට තමා වැරදි ස්ථාවරයක සිටින අවස්ථාවකදී වුවද ඔහු තර්කයෙන් ජයගැනීමට සමත්ය. එය දේශපාලනඥයෙකුට සතුරන් ඇති කරගැනීමට හොදම මාර්ගයයි. නමුත් දේශපාලනයේදී කෙනෙකු තමාගේ නියම ස්වරූපයෙන් පෙනී සිටිය යුතුය. එය දුෂ්කර වුවත් රනිල් ඒ ගැන සිතා බැලිය යුතුය. මා කල්පනා කරන්නේ ලංකාවේ විද්‍යුත් මාධ්‍ය විසින් කොළඹ අධ්‍යාපනය ලැබූ රනිල් සහ ලන්ඩනයේ අධ්‍යාපනය ලැබූ සජිත් අතර විවාදයක් සංවිධානය නොකරන්නේ මන්ද යන්නය. එවිට වඩා සුදුස්සා කවුරුද යන්න ගැන එ.ජා.ප. සාමාජිකත්වයට මෙන්ම සමස්ත රටටමද තීරණය කළ හැකි වනු ඇත.
රනිල්ගේ ඇති වැරැද්ද මොකක්ද? – 2
උවිඳු කුරුකුලසූරිය













0 comments for "රනිල්ගේ ඇති වරද මොකක්ද? - උවිඳු කුරුකුලසූරිය"