ජැකා රාවය පුවත්පතට කියන කතාවක්
අපේ ආදරණීය නලු හිතවතා ජැක්සන් ඇන්තනී නැත්නම් අපි ආදරේට කියන ජැකා විසින් කරණු ලැබූ පාපොච්චාරණය හරිම අපූරුය.
‛මේ සිදුවීම ඉස්කෝලෙ යන කාලෙ එකක්. පොසොන් කාලෙ මගේ යාළු කොල්ලො කට්ටියක් එක්ක මං අනුරාධපුරයේ යන්න ලෑස්ති වුණා.
ඔන්න අපි කට්ටියම පාන්දර 4 වෙද්දී රාගම ස්ටේෂන් එකට ආවා. කෝච්චිය එන්නෙ 5.30ට. ටිකක් වෙලා යද්දී එක යාලූවෙක් මගෙන් ඇහුවා මචං රබාන ගෙනාවාද කියලා. මං යන යන තැන ගෙනියන රබාන එදා අමතක වෙලා. යාලූවන්ගෙන් බැණුම් කෝටියයි. දැන් ගෙදර දුවලා රබාන අරගෙන එන්නත් වෙලාවක් නැහැ. මොනවා කරන්නද කියලා මං දුම්රිය වේදිකාවේ ඇවිද ඇවිද කල්පනා කර කර ඉන්න කොට මං දැක්කා විරිඳු කාරයෙක් රබානක් තියාගෙන ස්ටේෂන් එකේ අයිනක නිදාගෙන ඉන්නවා.
ඒ එක්කම මාත් එක්ක හිටපු යාලූවෙක් කිව්වා මචං රබාන උස්සමුද කියලා. මගෙ හිතටත් පව්කාර සිතිවිලි පහළ වෙලා, ඒ මනුස්සයගෙ රබාන ඉස්සුවා. දැන් ඉතින් කට්ටියටම ජොලි. රබන් ගගහා සින්දු කිය කියා, අනුරාධපුරේ මිහින්තරෑලේ හැම තැනම ඇවිදලා දවස් 3කට විතර පස්සෙ ආයෙ ගම්බලා එන්න ලෑස්තිවුණා.
ඒ වෙලාවෙ අපේ අතේ තිබුණු සල්ලි සේරම ඉවරවෙලා. තිබුණෙ ටිකට් එකට ගාස්තුව විතරයි. කට්ටියටම මාර බඩගිනියි. හොඳ වෙලාවට ස්ටේෂන් එක ළඟ දන්සැලක් තියෙනවා දැක්කා. දඩිබිඩි ගාලා කට්ටියම පෝලිමට එකතු වුණා. දැන් පැයක් විතර පෝලිමේ. කරුමෙ කියන්නෙ අපේ කට්ටිය දන්සල් දොර ළඟට එනකොටම දන්සල ඉවරයි.
මට එක සැරේම හිතුණ අර විරිඳු කාරයාට කරපු දේ තමයි මේ පල දුන්නෙ කියලා. පස්සෙ අපි දන්සැල දෙන කට්ටිය ළඟට ගිහින් බැගෑපත් වුණා අපට මොනවා හරි කන්න ටිකක් දෙන්න කියලා. වෙලාවට බත් විතරක් ඉතිරි වෙලා තිබුණ. ඒ එක්කම බොම්බයි ලුනු වගයකුත් තිබුණ. පස්සෙ ලුනු කපා ගෙන බත් එක්ක කාලා යන්තම් බඩගින්න නිවාගත්ත. ඒක හරියට දිව්‍ය බොජුනක් වගේ තමයි කට්ටියම ගිල දැම්මෙ.
ඔය සිද්ධිය මගේ හිතේ සෑහෙන කාලයක් තිබුණ. මීට අවුරුදු 10 කට විතර කලින් මං ස්වර්ණවාහිනියෙ වැඩ කරන කාලෙ ඒ අහල පහළ විරිඳු කාරයෙක් අර එක්ස්රේ කොළ රාමුවකට ගහලා හදාගත්තු රබානක් වගේ එකකට තට්ටු කර කර විරිඳු කියනවා දැක්කා.
මං ඇහැව්වා රබානක් නැද්ද කියලා. රබානක් ගන්න සල්ලි ඉතුරු වෙන්නෙ නෑ කියලා ඒ මනුස්සයා කිව්වා. පස්සෙ මට අර සිද්ධිය මතක් වෙලා මං රබානක් ගන්න ඒ මනුස්සයට සල්ලි දුන්නා. පහුවෙනිදම එයා රබානක් අරන් මාව හොයාගෙන ඇවිත් ඒ රබාන ගහලා විරිඳුවකින් සෙත් පතල ගියා.’
ඔහු විසින් හෙළිදරව් කරණු ලැබූ ඉහත පාපොචිචාරණය දකින කාගේත් සිතට නැගෙන්නේ ජැකා හරිම අහිංසක නිර්ව්‍යාජ මිනිසෙකු බවයි. තරුණ මදයෙන් ඔද වැඩී ගිය කල්හී කරණු ලැබූ පුංචි තක්කඩිකමක් ගැන අද ඔහු කතා කරන්නේ හිතේ පුංචි පසුතැවිල්ලක් ද සමගිනි. ඉතින් එදා අහිංසකයෙකුගෙන් රබානක් සොරකම් කළ ජැකා ඒ පාපකර්මයෙන් ගැල වෙන්නට තවත් අයෙකුට රබානක් පරිත්‍යාග කර තිබේ. ඒ නිසා ඔහු මේ වන විටත් පව් සමාකර ගෙන අවසන්ය. ඒ කියන්නේ ඒ ජැකා නම් සොදුරු කළාකරුවා සොරකමට අත්පොත් තැබූවේ රබන් සොරකමකින් බවයි. ඒ කියන්නේ මේ වන විට ජැකා සොරෙකු නොවන බවද නැතිනම් තවමත් විවිධ සොරකම් හී නිරත වන බවද? අපට එහෙම සිතන්නට බැරිය කතෝලිකයෙකු වූ ජැකා මේ වන විටත් බුදු හාමුදුරුවන්ටත් බණ උගන්වන ගාණට බුදු බණ උගෙන අවසන්ය.
ජැකා මේ කාලයේ කරණ වැඩ සම්බන්ධයෙන් තවත් වසර ගණනකට පසු පුවත් පතකට ලබා දිය හැකි සම්මුඛ සාකච්ඡාවක් පිළිබදව අප ඔබට ඉගි පල කරන්නෙමු. පහත පළ වන්නේ තවත් වසර ගණනකින් ජැක්සන් ඇන්තනී විසින් රාවය පුවත් පතෙහි ප්‍රධාන සංස්කාරක විමලනාත් වීරරත්න සමග පවත්වන්ට හැකි සම්මුඛ සාකචිඡාවකි.
විමලේ- ඔබගේ ආගම කුමක් ද?
ජැකා- මම රෝමානු කතෝලික බෞද්ධයෙක්
විමලේ- ඔබ ජීවිතයේ වැඩිපුරම ගරු කරණ චරිතය කවුද?
ජැකා- අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
විමලේ- ඔබ ඒ තරම් එතුමට ගරු කරන්නේ ඇයි?
ජැකා-එතුම ශුද්ධ වූ අති උතුම් පාප් වහන්සේට ඥාති සම්බන්ධතාවයක් පවතින නිසා මම දීර්ග වශයෙන් මේ දවස් වල රෝම ඉතිහාසය හදාරණවා ඒ හැදෑරීම් තුලින් තමයි මම මේ සොයා ගැනීම කරණු ලැබුවේ
විමලේ- ලංකාවේ ජාතික ප්‍රශ්ණයට තිබෙන හොදම විසදුම කුමක් ද?
ජැකා- පැහැදිලිවම බලය බෙදීමයි. ඒ හැරෙන්නට වෙනත් විකල්පයක් නෑ දෙමළ ජනතාව මේ රටේ ඉතිහාසය පුරාම රාජ්‍ය පාලනයට සහභාගි වෙලා තියෙනවා. ඒ බව ශිලා ලේඛණ හා පුස්කොල පොත් පවා සාක්ෂි දරණවා
විමලේ- මේ දවස් වල රගපාන්නේ නැද්ද?
ජැකා- මේ දවස් වල මට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ටෙනිසන් කුරේ මහත්මයා එතුමගේ නවතම චිත්‍රපටිය වන ‛රබන් හොරා’ කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ලබා දී තිබෙනවා. එතුමා වැනි ප්‍රවීණයෙකු යටතේ රගපාන්න ලැබීම මගේ කලා ජීවිතයේ මම ලබපු ලොකුම ජයග්රහන විදිහටයි මම සලකන්නේ
විමලේ- මේ දවස් වල පවුලේ තොරතුරු කොහොමද? දරුවන්ගේ වැඩ වලට ඔබ දායක වෙනවාද?
ජැකා- මට ඇත්තටම ගෙදර ඉන්නට ලොකු වෙලාවක් ලැබෙන් නෑ. ඒ ගැන කුමාරි වගේම දිනූෂත් ඉන්නේ ටිකක් අමනාපෙන්. දරුවෝ ඔක්කොම පිට රට නිසා ඒ ගැන හිතන්න දෙයක් නෑ
විමලේ-ඔබ මේ වන විට කරමින් ඉන්න රැකියාව ගැන තෘප්තිමත් ද?
ජැකා- රැකියා කිහිපයක් කරණ නිසා හරිම කාර්ය බහුලයි. ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුර, ජාතික රූපවාහිනියේ අධ්යක්ෂ ජෙනරාල් තනතුරට අමතරව ආයතන කිහිපයකම සභාපති තනතුර දරණ නිසා කිසිම විවෙිකයක් නෑ
විමලේ-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන මොකද කියන්නේ
ජැකා- මම හරියටම මොකුත් කියන්න දන්නෑ. මොකද මම කවදාවත් එතුමව ලගින් ආශ්‍රය කරලා නෑ. මම හිතන විදිහට එතුමා හරිම ජාතිවාදී අයෙක්. ජාතිවාදයට තදින්ම විරුද්ධ මම එවැනි අය ගැන සොයන්න යන්නෑ
විමලේ- නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ඔබ සම්බන්ධතාවයක් පවත්වනවද?
ජැකා- කිසිසේත්ම නෑ.එයා අපේ පුතාගේ යාළුවෙක්. සමහර දවස් වලට මාව හම්බ වෙන්න එනවා ඒ වගේ වෙලාවට මම දිනූෂට කියලා තියෙන්නේ ඇතුලට එවන්න එපා කියලා. ෆෝන් කලත් මම ආන්සර් කරන් නෑ. මොකද මට එයාලත් එක්ක කවදාවත් කිසිම සම්බන්ධයක් තිබිලා නෑනේ.
විමලේ- ඔබ ජීවිතයේ යම් කාලයක සොරකම් කර තිබෙනවාද?
ජැකා- දස පනත හොදින් දන්න මම කවදාවත් හොරකම් කරන්නෑ. මම පුංචි කාලේ රබානක් හොරකම් කරපු එක මීට බොහෝ කලකට පෙරත් පත්තරයකට කීවා. මම නොදැනුවත්ව හරි මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ආන්ඩුවේ කොන්ත්‍රාත් වලින් ඔය රුපියල් බිලියනයක් විතර මගේ ගිණුමට දාගන්න ඇති. ඒ වුනත් මම ඒකට හරියන්න මේ රට වෙනුවෙන් වැඩ කලා.
විමලේ-මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂවරුන් බුදු හාමුදුරුවන්ගේ ඥාතීන් කියලා ඔබ වරක් ප්‍රකාශ කලා මතකද?
ජැකා-පිස්සුද? මම කවදාවත් එහෙම කීවේ නෑ ඔය පත්තර කාරයන් කියපු විකාර කතානේ මම එහෙම කියයිද අනික විමලේ ඔයා වුනත් මේ පත්තරේ ප්‍රධාන සංස්කාරක වෙන්න අයිවන්ට මොන තරම් නම් දේවල් කියන්න ඇත්ද?
විමලේ- අයිවන් කියලා කෙනෙක් මම අදුනන් නෑ. ඔබටත් වැරදිලා හරි ඒවා වැඩක් නෑ. මොනවද අනාගත බලාපොරොත්තු
ජැකා- එහෙම විශේෂ බලාපොරොත්තුවක් නෑ. මොකද මම බලාපොරොත්තු වුණ හැමදේම මට ලැබිලා ඉවරයි.
උපුටා ගැනීම - 3mana
0 comments for "ජැකා රාවය පුවත්පතට කියන කතාවක්"