සේනක වි‍ජේසිංහ පොලුතියා මාට්ටුවෙලා

ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කිරීමේ පොරොන්දුව මත රුපියල් දහතුන් ලක්‍ෂ හතළිස්‌ දහසක මුදලක්‌ ලබාගෙන විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ චිත්‍රපටි හා ටෙලි නාට්‍යය නළුවකු රුපියල් ලක්‍ෂ පහළොවක ශරීර ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ගියාන් රණවක මහතා නියම කළේය.

නීතිඥයකුගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සේනක විජේසිංහ නමැති ටෙලි නාට්‍ය හා චිත්‍රපටි නළුවා මෙසේ ඇප මත මුදාහැරිණි.

ජී. ලසිත යසකුල මහතා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර නළුවාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබිණි. ඒ අනුව ඔහු නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය.

ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා සැකකරුට පැමිණිලිකරු විසින් රුපියල් දහතුන් ලක්‍ෂ හතළිස්‌දහසක්‌ ලබාදී ඇතැයි ද ඉන්පසුව මුහුරත් උළෙලක්‌ද පවත්වා ඇති අතර, එම නාට්‍යයේ දර්ශන කොටස්‌ කීපයක්‌ රූපගත කර ඇතැයි ද අධිකරණ "බී" වාර්තාවෙන් පැවසිණි.

මෙම ටෙලි නාට්‍යය රූපවාහිනියේ විකාශය කිරීමේ කාලයක්‌ ලබාගෙන ඇතිබව පැමිණිලිකරුට සැකකරු පවසා ඇත. එහෙත් එය අසත්‍යයක්‌ බව කළ සොයා බැලීමේදී පැමිණිලිකරුට දැනගන්නට ලැබී ඇතැයි ද පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

2010 වසරේ දහවැනි මාසයත් එකොළොස්‌වැනි මාසයත් අතර තුළදී සැකකරු ලබාදුන් ගිණුමකට පැමිණිලිකරු විසින් මුදල් බැර කර ඇතැයි පැවසිණි.

නඩුව නැවත කැඳවීම 2012.02.27 වැනිදාට කල් තැබිණි.

Posted by Ravaya on 2:41 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සේනක වි‍ජේසිංහ පොලුතියා මාට්ටුවෙලා"

Leave a reply