ඉන්දීය ගුරුවරයෙකුගේ බැංකු ගිණුමට ඩොලර් බිලියනයක් අහසින් වැටේ

පරිජාත් සාෂා ඉන්දියාවේ බෙංගාල ප‍්‍රදේශයේ පාසලක ගුරුවරයෙකි. පසුගියදා ඔහු සිය බැංකු ගිණුමේ තොරතුරු පිරික්සමින් සිටියේ අන්තර්ජාලය හරහාය. සිය ගිණුමේ ඩොලර් 200ක පමණ මුදලක් ඉතිරිව තිබිය යුතු බව ඔහුට විශ්වාසය. එහෙත් පරිගණක තිරයේ සටහන්ව තිබුණේ ඔහු කිසිදා අපේක්ෂා නොකළ දෙයකි. පරිජාත් නැවත නැවතත් ගිණුම් තොරතුරු පරික්සා බැලූවේ දෙනෙත් අදහා ගත නොහැකිවය.

අන්තර්ජාලය හරහා ඔහු වෙත ලැබුණ බැංකු ගිණුමේ තොරතුරු අනුව පරිජිත් සාෂාගේ ගිණුමේ අගය ඩොලර් බිලියන 908ක් ලෙස සටහන් වී තිබිණි. ගුරුවරයෙකු ලෙස ඔහුගේ මාසික වේචනය ඩොලර් 700කි.

එහෙත් ඔහුගේ බැංකු ගිණුමට ඉන්දියාවේ වාර්ෂික අධ්‍යාපන පිරිවැය ලෙස රට රජය වෙන්කරන ඩොලර් බිලියන 11.5 ට ආසන්න මුදලක් බැරවී තිබීම පරිජාත්ගේ සිත නොසන්සුන් කළේය. තමන්ට අයිති නැති මුදලක් තම බැංකු ගිණුමේ තිබිය යුතු නැති බව සත්‍යගරුක මිනිසකු වු පරිජිත් සාෂා දැඩිව විශ්වාස කළේය. ඔහු ATM යන්ත‍්‍රයක් හරහා බැංකු ගිණුමේ ශේෂය යළිත් පරික්‍ෂා කර බලා ගිණුම් ශේෂය තහවුරු කර ගත්තේය. අදාළ බැංකු නිලධාරින් වෙත ඔහු සිදුවී ඇති වරද පිලිබද තොරතුරු හෙලිකර සිටියේය. එහෙත් සිදුව ඇත්තේ කුමක්දැයි හෙළිකර සිටීම බැංකු නිලධාරින් ප‍්‍රතික්ෂේප කර සිටියේය. පරිජාත් සාෂාහට ඔහුට හිමි ඩොලර් 200ක මුදල ලබාගත හැකි වුවත් අහසින් ගිණුමට වැටුනු ඩොලර් බිලියන ගණනක් තවමත් ඔහුගේ බැංකු ගිණුමේ තිබේ.

‘‘අනේ මන්දා මගේ සල්ලි මම ගත්තට, ගිණුමට අනුව මම තවමත් බිලියනපතියෙක්. තව කොච්චර කාලයක් ඔය අහසින් වැටුණ සල්ලි මගේ ගිණුමේ තියේවිද කියලා ඉතින් දෙයියෝ තමයි දන්නේ’’ පරිජාත් සෂා කියා සිටියේය. සියල්ල මුදලට යටවූ ලෝකයක පරිජින් සාෂා වැනි අවංක මිනිසුන් තවමත් සිටිනා බව මේ සිද්ධයෙන් පැහැදිලි වන බව පරිජාත්ට ප‍්‍රශංසා කරමින් මාධ්‍ය වර්තා කර තිබිණි.

බී.බී.සී

Posted by Ravaya on 12:44 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඉන්දීය ගුරුවරයෙකුගේ බැංකු ගිණුමට ඩොලර් බිලියනයක් අහසින් වැටේ"

Leave a reply