ජාතික සමගියට ව්‍යවස්ථාමය රාමුවක් අවශ්‍යයි - එම්. සත්‍යවේල් පියනම
උතුර හා දකුණ අතර සමගි සම්පන්න භාවයක් ඇති කිරීමට නම් රජය දෙමළ ජනයා තුළ විශ්වාසයක් ගොඩනැංවිය යුතුයි. මේ කාරණය අද වන විට මෙරට දෙමළ ජනයාට දැනෙන්නේ කොහොමද?
ආගමික කාරණාවලින් සමගිය ඇති කරගත හැකියි කියලා හිතන පිරිසක් අප අතර ඉන්නවා. අන්තර් ආගමික කණ්ඩායම් වගේ ඒවා කරුණාව, මෛත‍්‍රිය පෙරදැරි කරගත් තත්ත්වයක් සිංහල දෙමළ දෙපාර්ශ්වයෙන් ඉල්ලනවා. නමුත් ඒක ඒ අයට පැවැත්ම සඳහා ව්‍යාපෘතියක්වනවා මිස ජාතීන් අතර සමගිය, ආගමකි කාරණාවලින් තෘප්තවන්නේ නැහැ. ජාතික සමගිය ඇතිවන පදනම තිබෙන්නේ දේශපාලනික කාරණාවක් ලෙස මිස විඥානවාදී තලයක නෙවෙයි. නිදහස ලැබිලා දැනට වසර 64ක් ගතවෙලා තිබෙනවා ඒ කාලය තුළ ජාතීන් අතර සමගි සම්පන්නභාවය ඇති කරන්න පුළුවන් කිසිම වැදගත් දෙයක් සිදුවෙලා නැහැ. මුල ඉඳලම වුණේ ජාතීන් දුරස් කරන දේවල් මුල සිටම පක්ෂ දේශපාලන වුවමනාවක් වෙනුවෙන් දෙමළ ජනයා රැවටීමට බඳුන් කළා. තවදුරටත් දෙමළ පක්ෂ පාවිච්චි වෙනවා. වුවමනාවෙන් පාවිච්චි කරනවා. ඉන්දියාව ඇවිත් දෙමළ පක්ෂවල අය හමුවන්නේත්, ඒ නියෝජිතයා ජනාධිපති හමුවන්නෙත් ඉන්දියාවේ වුවමනාවට මිසක් මෙරට දෙමළ ජනයාගේ වුවමනාවට කියලා හිතන්න සාධක අපට නැහැ. මෙරට දෙමළ ජනතාවගේ අවශ්‍යතා මොනවාද කියලා ඒ කාගෙවත් ඔළුවේ නැහැ. ඇත්ත වුවමනාවෙන් එනවා නම් මේ ප‍්‍රශ්න අධ්‍යයනය කරලා එන්නත් ඕනෙ. බලවත් රාජ්‍යයක් හැටියට මේ ප‍්‍රශ්නය විසඳගන්න මීට වඩා ලොකු බලපෑමක් අප වෙත කරන්නත් ඕන.
මෙරට ඇති විය යුතු ජාතික සමගිය, ආගමික කාරණාවන් හෝ කරුණාව පිළිබඳ කාරණාවක් ලෙස නෙවෙයි ව්‍යවස්ථාමය රාමුවක් තුළයි සිදුවිය යුත්තේ. රැුවටිලිකාරයන් අතර එතනින් මෙහා කොහොමද ස්ථාවර සමගියක් පවතින්නේ. මන්ද නිදහසේ සිට මෙරට සම්පාදිත ව්‍යවස්ථා දෙමළ විරෝධී ව්‍යවස්ථා ලෙසයි මෙම දකින්නේ. දෙමළ ජනයාගේ අපේක්ෂාවන්ට හෝ ඔවුන්ගෙ දේශපාලන ජීවිතයට අවශ්‍ය කරන දේවල් මෙම ව්‍යමවස්ථාව තුළ තිබුණේ නැහැ. ඒ නිසා ජාතිීන් දෙක අතර විශ්වාසයට වඩා අවිශ්වාසය තමයි ක‍්‍රමයෙන් ගොඩනැගුණේ.
සිංහල මහ ජාතිය පාර්ශ්වයෙන් වගකීමක් ඉටු කළයුතු බව පැහැදිලියි. දෙමළ ජනයාගේ පැත්තෙන් සිදුවිය යුත්තේ කුමක්ද?
දෙමළ ජනයාගේ දේශපාලන ඇතුළේ පවා අද පොදු එකඟතාවක් නැහැ. ඩග්ලස්, සම්බන්දන්, සුමන්තිරන් යන තිදෙනා ගත්තත් ඔවුන්ට තිබෙන්නේ වෙන වෙනම ස්ථාවරයන්. දෙමළ ප‍්‍රජාව ටීඑන්ඒ එකට යවන ලිපියේ තියෙන්නේ ඔබ එක අරමුණකට එන්න කියලයි. එක ස්ථාවරයක සිට මෙන්න අපේ දේශපාලන ගමන්මග කියලා කියන ලෙස තමයි ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ. එහෙම ස්ථාවර තැනකට ආවොත් පමණයි ටීඑන්ඒ එකටත් ආණ්ඩුව සමඟ ඍජු ගනුදෙනුවක් කළ හැකිවන්නේ. දැන් සිදුවන්නේ කුමක්ද? සම්බන්දන්. සුමන්තිරන් වගේ අය ඉන්දියාවෙන් යැපෙනවා. ඉන්දියාවේ දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව තමයි ඔවුන්ට වැඩ කරන්න වෙලා තිබෙන්නේ. ඉන්දියාවේ න්‍යාපත‍්‍රයට එහා ගිය එක වචනයක්වත් මේ නායකයෝ උතුරේ ප‍්‍රශ්නය ගැන ප‍්‍රකාශ කර නැහැ. සිංහල නායකයන්ට වගේ අපේ දේශපාලනඥන්ටත් පෞද්ගලික න්‍යාය පත‍්‍ර තිබෙනවා. ඒවාට අනුකූල වන ලෙස තමයි ඔවුන් මේ සෙල්ලම් කරමින් සිටින්නේ. වෙන විකල්පයක් නැති තත්ත්වයක් තුළ දෙමළ ජනතාව ටීඑන්ඒ එක තෝරා ගන්නවා. විකල්පයක් නැතිව ඔවුන්ව තෝරාගැනීම ගැන දෙපිරිසම අවබෝධයෙන් ඉන්න බවයි මට නම් හැගෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ටීඑන්ඒ එක ඡුන්ද තිබුණට ඒක ඇත්ත ජන බලයක් නෙවෙයි. අද වනවිට ඡුන්ද කියන්නෙ ඇත්ත ජන බලය ප‍්‍රකාශ කළහැකි මානයකුත් නෙවෙයිනේ. ඔවුන්ට ඡුන්ද දුන් කිසියම් පිරිසක් මිස සිල්ලෝම ටීඑන්ඒ එක අනුමත කරන්නේ නැහැ.
එල්ටීටීඊ එකට ජන බලයක් තිබුණාද?
ආකාර දෙකකින් තිබුණා. එල්ටීටීඊ එක තමයි ජාතික අර්බුදය මේ තරම් දුරක් ඇදගෙන ආවේ. යටපත්ව ප‍්‍රශ්නයක් තිබුණා. ඒක ඔවුන් ජාත්‍යන්තර මට්ටමට ගෙනාවා. අද එය ලෝකයම දන්නා කාරණයක්. එල්ටීටීඊ එකේ දේශපාලනයට ජන බලයක් තිබුණා. ඒ නිසා තමයි ප‍්‍රශ්නය උඩට මතුකර ගන්නට පුළුවන් වුණේ. තාමත් තිබෙනවා. නමුත් ඔවුන් අවි සමඟ ගනුදෙනු කළ කණ්ඩායමක් නිසයි බරපතළ ගැටලූවකුත් ඔවුන් හමුවේ මතුවුණේ. ප‍්‍රතික්ෂේප වෙන්න එක හේතුවක් ඒක. ආයුධ විරහිතව වුණත් එල්ටීටීඊයට දේශපාලන ගමනක් යන්න තිබුණා. මොකද තමන්ගේම සටන් සගයන් සහ ව්‍යාපාර විනාශ කරලා ඔවුන් ආරම්භයේදීම ලොකු වරදක් කරගත්තනේ. අනෙක් අතට එල්ටීටීඊයට අවි ගන්න බල කළේ සිංහල ආණ්ඩු. හැම අවස්ථාවකම දකුණෙන් උතුරට ආයුධවලින් පිළිතුරු දුන් නිසා නැතහොත් හමුදාමය පිළිතුරු දුන් නිසා, චෙල්වනායගම්ලගෙ, අමිර්තලිංගම්ලගෙ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයේ කෙළවරකට දෙමළ ජන සමාජය ආවා. ඒ කාලෙ උතුරේ පොඩි ප‍්‍රශ්නයක් වුණත් හමුදාව උතුරට ගිහින් දෙමළ ජනයාගේ ගෙවල් ගිනි තියනවා. 81දී පුස්තකාලය ගිනි තියද්දී මම හිටියේ යාපනේ. සිංහල පාලනයේ අත්තනෝමතිකභාවය මම ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. ඉතින් උතුරට ආයුධය දුන්නෙ දකුණින් කියන එකයි මගේ මතය.
මේවනවිට දෙමළ දේශපාලනය අසාධාරණයි කියන පදනමේ සිට බැලූවොත් බලය බෙදීමට තර්කයක් නැතිවෙනවා. කාටද බලය බෙදන්නෙ. මේ තත්ත්වය ආපසු සිංහල මහ ජාතියේ ඒකීය බලය තහවුරු කරන්නක්. ඔබ මේ ගැන හිතන්නේ කොහොමද?
දහතුන හරහා බලය බෙදුවා. උතුරේ හැර අනික් හැමතැනම පළාත් සභාවක් කියලා එක්ක තිබෙනවනේ. උතුරට ඒකවත් දෙන්න බැහැ කියලනේ කියන්නේ. ඊළඟට ජනාධිපතිවරයා හා ආණ්ඩුව යුද්ධය කැරෙන මොහොත හා ඉන්පසු කියපු දේවල් වචන විතරද? සමහර යුද්ධයට සහාය දුන්නේ මේ ප‍්‍රශ්නය විසඳන්න අවංකව රජය මැදිහත්වෙයි කියන විශ්වාසයෙන් වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා තර්ටීන් ප්ලස් කියලා කියන්නේ ලංකාවේ ඉන්න අපිට නෙවෙයි. එළියට ඇහෙන්නයි ඒක කියන්නේ. ක‍්‍රිෂ්ණානේ අපිට කිව්වේ. ඇයි ජනාධිපති මේක ක‍්‍රිෂ්ණාට කියන්නේ. පළමුව අපේ රටට කියන්න තිබුණොනේ. ඒක පැත්තකින් මහින්දට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණාට ජාතිවාදීන් හා ආගම්වාදීන් ඉක්මවා යමක් කරන්න බැරි බව ඔහුට තේරෙනවා ඇති. තමන්ටත් මේවා ගැන තිර අදහසක් නැති බව ජනාධිපතිවරයා කියන විවිධ දේවල්වලින් තේරෙනවා. එහෙම නායකයකුට අනිවාර්යයෙන්ම ජාතිවාදයට හා ආගම්වාදයට නතුවෙන්න සිදුවෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් චම්පික වැනි අය නිශ්ශබ්ද කරන්න. හැබැයි මතවාදී තලයේ නිශ්ශබ්ද කරගන්න තරම් ජනාධිපති ශක්තිමත් නැතිකමක් තිබෙනවා. ඒ හැරුණු විට ජනාධිපතිත් වඩා නැඹුරු ජාතිවාදයටයි. නැතන්ම ටීඑන්ඒ සාකච්ඡුාවලදී යන්න තිබුණනෙ අපිට පුළුවන් දහතුනට ටික්ක වැඩි දෙයක් අත්හදා බලන්න කියලා සාකච්ඡුාවන් වැදගත් තැනකට ගන්න. මං කියන්නේ ඒ ක‍්‍රමයට වැඩ කරනවා නම් බාහිර බලපෑම් රටට එන්නෙත් නැහැ.
එතකොට දැන් ජනාධිපතිවරයාගේ අරමුණ කුමක් කියාද හිතන්න වෙන්නෙ?
කල්ගත කිරීම තමයි ඔහුගේ අරමුණ. ඊළඟ ඡන්දය එනතුරු මේ විදියට යනවා. ඒවයෙදීත් මේ ප‍්‍රශ්නය ගැන බලාපොරොත්තු දෙනවා. ඒක බරපතළ කාරණයක්. දැනටමත් දෙමළ ජනතාව තුළ ආණ්ඩුව තමන් වෙනුවෙන් මොකුත් කරන්නේ නැහැ කියන මතය තහවුරුවෙමින් පවතිනවා. එහෙම අදහසක් ජනාධිපතිටයි, ආණ්ඩුවටයි කොච්චර නරකද.
දෙමළ අයිතීන් ලබාදීමට සිංහල නායකයන් සදාචාරාත්මක නැත්නම්, අනිත් අතට දෙමළ ජනයාට සටන් මාර්ගයෙන් දේශපාලන අයිතීන් දිනාගන්නත් බැරි නම් ඔවුන් ලොකු උභතෝ කෝටියකනෙ සිරවී ඉන්නේ. මේ තත්ත්වයට විසඳුම් මගක් තිබෙනවාද?
දැන් හමුදාව හැමතැනම ව්‍යාප්ත කරලා ඉවරයි. ආණ්ඩුව මේ ප‍්‍රශ්න විසඳා දෙයි කියලා දෙමළ ජනයා හිතාගෙන ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ දැන් ඔවුන් දෙමළ ජනයාගේ ප‍්‍රශ්න විසඳා අවසන් බවයි. ටීඑන්ඒ සාකච්ඡා ගනිමු. රජය සමඟ ටීඑන්ඒ සාකච්ඡා කළා කියලා නෙවෙයිනේ ඒ ක‍්‍රියාවලිය හඳුන්වන්නේ. කවුරුත් කියන්නේ ශ‍්‍රීලනිපයේ නියෝජිතයන් සමඟ ටීඑන්ඒ සාකච්ඡා කළ බවයි. මේ ළඟදීත් කැබිනට් ප‍්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්නයක් ඇහුවා දෙමළ ජනයාගේ ප‍්‍රශ්න විසඳීමට ආණ්ඩුව උනන්දු නොවන්නේ ඇයි කියලා. රඹුක්වැල්ල කිව්වේ දෙමළ ජනයාට ප‍්‍රශ්න තියනවා කියල කියන්නෙ ඔවුන්නේ. අපි එහෙම හිතන්නේ නැහැ කියලා ඔහු මාධ්‍යවේදීන්ට උත්තර දුන්නා. රජයේ ප‍්‍රබල ඇමතිවරයෙක් කියනවා දෙමළ ජනයාට ප‍්‍රශ්න නැහැ කියලා. ඒ කියන්නේ ප‍්‍රශ්න තිබුණා නම් යුද්ධයක් කරලා ඔවුන් ඒක විසඳුවා කියන එකනේ මේ කියන්නේ. ඉතින් මෙහෙම පිරිසකගෙන් සාධාරණයක් බලා පොරොත්තු වෙන්න පුළුවන්ද? වගකිවයුතු ආණ්ඩුවකට එහෙම කිවහැකිද?
ආණ්ඩුව වහාම දෙමළ ජනයා වෙනුවෙන් ඉටුකර දියයුත්තේ මොකක්ද?
මොකුත් දෙන්න ආණ්ඩුවට බැහැ. උතුරේ සහ දකුණේ පීඩිත පන්තින් අතර එකමුතුවක් අවශ්‍යයි. පීඩිත පන්තියේ එකමුතුවකින් විතරයි සාමූහිකව මේ වගේ ප‍්‍රශ්නයක් විසඳිය හැකිවන තිබෙන්නේ. එහෙම නැතුව පුද්ගලයන්ට විසඳුම් හදලා දෙන්න බැහැනේ. දැනට රටේ නායකයන්ට එහෙම කරන්න ශක්තියකුත් නැහැ. ඕනෑමකමක් තිබුණත් අන්තවාදී කොටස්වලින් ඒකට ඉඩ ලැබෙන්නෙත් නැහැ. නිදහසේ සිට මේ දක්වා වසර 64ක් පුරා උතුරේ ජනාතාව තමන්ට කියන්න තියන සේරම දේවල් කියලා ඉවරයි. හොඳිනුත් කිව්වා. ගහලත් කිව්වා. මැරිලත් කිව්වා. දකුණ ඒකට සවන්දෙන්නෙ නැහැනේ. 71දී තරුණයන් ආණ්ඩුවට විරුද්ධ වුණා උතුරේ තරුණයන් තම සටන ගෙනිච්චෙත් ආණ්ඩුවට මොකක්ද කළේ? දකුණේ තරුණයන්ව උතුරේ තරුණයන්ට එරෙහිව යුද්ධ කරන තැනට මෙහෙයවූවා. උතුරෙත්, දකුණෙත් එකම ස්වභාවයේ මෙන්ම එකිනෙකට වෙනස් ප‍්‍රශ්න තිබුණා. නමුත් දෙපැත්තක හිටියේ අවවරප‍්‍රසාදලාභීන්. ඒ අයට පන්ති විඥානයක් තිබුණා නම් තමන්ගේ පොදු සතුරා පැත්තක සිටියදී තමන් එකිනෙකාට එරෙහිවන්නේ කොහොමද? මම දකින ප‍්‍රශ්නය තියෙන්නේ එතැන.
මෙතැනින් බැරිද අපිට දෙමළ ජනයාගේ දේශපාලන අයිතීන් දිනාගැනීම කියන ප‍්‍රශ්නයට ප‍්‍රවේශවන්න. සිංහල ධනපති පාලනයත් එක්ක දෙමළ ජනයාට මේ ප‍්‍රශ්නය විසඳා ගත නොහැකි බවයි මට කියන්න ඕනේ.
දෙමළ ප‍්‍රජාව ඔය කියන කාරණය කොපමණ තේරුම් අරගෙන සිටිනවාද? අනෙක් අතට දකුණටත් සැබෑ නිර්ධන පන්ති ව්‍යාපාරයක් බිහි වී නැහැ.
උතුරේ ජනයා යම් පමණකට මේ ගැන සවිඥානිකයි. යුද්ධ කාලේ යම් ආර්ථික සවියක් තිබුණු දෙමළ අයත් රටින් ගියා. ඉතුරු වුණේ අන්ත දරිද්‍ර පිරිසක්. ඔවුන් අතරින් කොටසකට හරි මේ ප‍්‍රශ්නය නොතේරෙනවා වෙන්න බැහැ. ධනවාදය විසින් මේ ප‍්‍රශ්නය විසඳලා දෙන්නෙ නැහැ. අනෙක් අතට ප‍්‍රභාකරන්ට වැරදුණෙත් ධනපති රටවල් ඕනෑවට වඩා විශ්වාස කරන්න ගිහිනුයි. මෙරට දී දකුණ සහ උතුර යම් ශක්තිමත් පදනමක් දාගතහොත් ඩයස් පෝරාවටවත් ඒක ව්‍යාකූල කරන්න බැරිවෙනවා. දකුණෙත් නිර්ධන පන්ති ව්‍යාපාරයක් තිබෙනවා. කියලා කියන්න බැහැ. නමුත් තැනින් තැන යම් යම් අලෝක කණිකා තිබෙනවා. වැරදි නිවැරදි කරගෙන මෙතැන් සිටවත් ඒ අලෝක කණිකා හරියට පත්තු කරගැනීමයි කළයුත්තේ.
ආණ්ඩුවේ අදහස තමයි උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධනය හරහා ජනයා විඳින පීඩාව තුනී කරදීම. මේ කාරණය ඔබේ නිරීක්ෂණයට ලක්වෙන්නේ කොහොමද?
ආණ්ඩුව කියන සංවර්ධනය ගැන උතුරු බලාපොරොත්තු වුණේ නැහැ. දකුණටත් සියලූ දේ කරලා දෙන්න ඕනෑ. කන්නත් දෙන්න ඕන කියලා දෙමළ ජනයා කිසිදාක කියලා නැහැ. මොකද ඔවුන් සංවර්ධනය වෙච්ච පිරිසක්. උතුර කියන්නේ සංවර්ධනය වෙලා තිබුණු ජන සමාජයක්. ආර්ථික සංවර්ධනය විතරක් නෙවෙයි අතිමහත් සංස්කෘතික සංවර්ධනයකුත් ඔවුන්ට තිබුණා. ධනවාදී සමාජයක පීඩිත පන්තියක් සිටිනවා තමයි. එහෙම පීඩිතයෝ උතුරේ හිටියා. නමුත් මම කියන්නේ අද වගේ සේරම දකුණෙන් ලැබෙනතුරු ඉන්න ඕන තත්ත්වයක නෙවෙයි ඔවුන් සිටියේ. යුද්ධයත් එක්ක. දකුණේ ඇතිවූ පීඩාවන් එක්ක තමයි උතුර විනාශ වුණේ. ඒ වනතුරු ස්වයං ආර්ථිකයක් ඔවුන්ට තිබුණා. කෘෂි, ධීවර, සුළු කර්මාන්ත සහ තවත් ආර්ථික මාර්ග රැසක් උතුරට තිබුණා. වැසී ගිය ඒ දොරටු යළි ඇරගැනීමයි දැන් කළ යුත්තේ. ඒ සඳහා පන්ති අරගලය මිස වෙන මාවතක් නැහැ.
විමලනාත් වීරරත්න
රාවය පුවත්පතින් උපුටා ගන්නාලදී.
0 comments for "ජාතික සමගියට ව්‍යවස්ථාමය රාමුවක් අවශ්‍යයි - එම්. සත්‍යවේල් පියනම"