ජෙනරාල් නිදහස් කරගැනීමේ සටනට පොල්ලක්
සිරගත කොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා දේශපාලන පක්‍ෂ හා වෙනත් බහුජන සංවිධාන ආණ්ඩුවට එරෙහිව අඛන්ඩව සිදුකළ සියලූ උද්ඝෝෂණ පෙබරවාරී 04 ජාතික නිදහස් දිනය දක්වා අත්හිටුවා තිබේ.
ෆොන්සේකා මහතා නිදහස් කරගන්නා තෙක් එවැනි නිහඩ පිලිවෙතක් පවත්වාගෙන යන ලෙස දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාය.
තමා කියන පරිදි කටයුතු කළ හොත් පෙබරවාරී 04 නිදහස් දා කොන්දේසි රහිතව නිදහස් කරදෙන බවට ටිරාන් අලස් මහතා ජෙනරාල්වරයාගේ පවුලේ ඥාතීන්ටත්, හිතමිතුරන්ටත් අනුගාමිකයින්ටත් පොරොන්දු වී තිබේ.
ඒ අනුව අනෝමා ෆොන්සේකා මහත්මිය මේ දිනවල විදේශගතව සිටින අතර ඇයගේ සොහොයුරිය ජෙනරාල්වරයාගේ හිතවතුන් හමුවෙමින් පෙබරවාරී 04 වනදා දක්වා නිහඩව සිටින්නැයි කාරුණිකව ඉල්ලා තිබේ.
ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා සඳහන් කරන පරිදි පෙබරවාරී 04 වන දා ජෙනරල් ෆොන්සේකා මහතාව කොන්දේසි විරහිතව නිදහස් නොකළ හොත් එදිනෙන් පසු දැවැන්ත පාගමනක් සංවිධානය කිරීමට කටයුතු සිදුකරමින් තිබේ.
ජෙනරාල් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කිහිප දෙනෙකු පසුගියදා විපක්‍ෂනායකවරයා ඇතුලූ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නායකයින් වරින්වර හමුවී මේ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

0 comments for "ජෙනරාල් නිදහස් කරගැනීමේ සටනට පොල්ලක්"