ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් වෙතින් ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් සිනමා චිත්‍රපට කැමරාවක්
දේශීය සිනමාව ඉහළින් ඔසවා තැබිමේ මූලික පියවරක් ලෙසින් පසුගියදා ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් විසින් දේශීය චිත්‍රපට ක්‍ෂේත්‍රයට ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් සිනමා කැමරාවක් හඳුන්වා දෙනු ලැබිය.
ඇමෙරිකාවේ නිපදවනු ලබන රෙඩ් එපික් කැමරාව රෙඩ් යන වෙළෙඳනාමය යටතේ එන ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් කැමරාවකි. රෙඩ් කැමරාවන්හි ප්‍රාරම්භකයා වන ජිම් ජිනාඩ් මෙය නිපදවා ඇත්තේ ලොව උසස්ම තාක්ෂණයෙන් යුත් කැමරාව නිර්මාණය කරනා අරමුණෙනි. මෙගා පික්සල් 14ක විභේදන බලයක් හා 5K යටතේ තත්පරයට රාමු 120ක් පමණ හසුකර ගැනීමේ හැකියාව මෙන්ම තවත් බොහෝ ලක්ෂණයන්ගෙන් මෙම කැමරාව සමන්විත වේ.
මෙම රෙඩ් එපික් කැමරාව හොලිවුඩයේ බොහෝ ජනප්‍රිය චිත්‍රපටයන් වන “පයිරේටිස් ඔෆ් ද කැරබියන්” “ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස්” “ද හොබිටි” “යූ ඩෝන්ට් ගෙට් ටු 500 මිලියන් ෆේරන්ඩ්ස් විතවුට් මේකින් අ ෆිව් එනිමීස්” සහ “ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ” ආදිය සඳහා යොදා ගෙන තිබේ.
මෙම මූලාරම්භය පිළිබඳව අදහස් පළ කළ ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලලින්ක මුතුකුමාරණ මහතා පවසා සිටියේ “අවුරුදු ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට මධ්‍යම ප්‍රමාණයේ කැමරා ගෙන්වනු ලැබිම නිසා රූගත කිරීම්වල නිර්මාණාත්මකභාවය සීමා වී තිබුණා. මෙම රෙඩ් එපික් කැමරාව මගින් සිනමාවේදීන්ට හා අධ්‍යක්ෂවරුන්ට සිය නිර්මාණශීලීත්වය උපරිමයෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. මෙම ඩිජිටල් අත්දැකීම විඳගැනීමට සහ ශ්‍රී ලංකාවට කළ හැකි දෙය ලොවට පෙන්වීමට අපේ සිනමා කරුවන්ට සහ අධ්‍යක්ෂවරුන්ට අප ආරාධනා කරන්නට කැමතියි. යනුවෙනි. රෙඩ් එපික් කැමරා දෙකක් හා රෙඩ් ස්කාලට් කැමරාවක් ආදී නව රෙඩ් කැමරා ළඟදීම ශ්‍රී ලංකාවට ගෙන්වීමටද සමාගම අදහස් කරගෙන සිටී.

0 comments for "ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් වෙතින් ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් සිනමා චිත්‍රපට කැමරාවක්"