පටපිළිකන්ද හෝටලයට නැවත දේශපාලන බැල්ම
වැවිලි කර්මාන්ත නි. ඇමති අර්ල් ගුණසේකර මහතාගේ සොහොයුරියක වන රංජනී පතිරණ මහත්මිය මින්නේරිය පටපිළිකන්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අවශේෂ කලාපයේ ඉදිකර ඇති හෝටලය අධිකරණ නියෝගයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවද එම දෙපාර්තමේන්තුවට එය පවරාගන්නා අයුරු දක්නට නැතැයි අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් දේශප‍්‍රිය මහතා පැවසීය.අංක 2001/5 දරන චක‍්‍රලේඛය යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරූ රජයේ වනාන්තර ඉඩමක නීති විරෝධී ලෙස මෙම හෝටලය රංජනී පතිරණ මහත්මිය ඉදිකර ඇතැයි ප‍්‍රදේශවාසීන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයේ අංක 2047/2003 යටතේ නඩුවක් ගොනුකර අඑම නඩුවේ තීන්දුවට අනුව හෝටලය සහ ඉඩම නැවත වන රක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීය. රංජනී මහත්මිය එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර sc Appeal 78/2006 යටතේ ගොනු කළ නඩු තීන්දුව විභාග කිරීමෙන් අනුතුරුව නැවත පැරණි තීන්දුවම ප‍්‍රකාශයට පත්විය. දීර්ඝ කාලයක් මෙම සම්පත බේරා ගැනීමට ප‍්‍රදේශවාසීන් කණ්ඩායමක් ගත් උත්සාහයට අධිකරණය නිසි තීන්දුව ලබා දී තිබිය දීත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙය පවරා නොගැනීම ගැටලූ සහගත බව දේශප‍්‍රිය මහතා ගේ අදහසය.
රංජනී මහත්මියට එරෙහිව අධිකරණයට ගිය අගතියට පත් පාර්ශ්ව පෙන්වා දෙනුයේ අර්ල් ගුණසේකර මන්ත‍්‍රීවරයා එජාපයෙන් ආණ්ඩ්වට මාරු වූයේද මෙම ඉඩම නිසා යැයි මතයක් පවතින බවත් මෙම ඉඩම සහ හෝටලය නැවත කැබිනට් පත‍්‍රිකාවක් හරහා පතිරණ මහත්මියට ලබා දීමේ සැලැස්මක්ද පවතින බවත්ය.
- රාවය
0 comments for "පටපිළිකන්ද හෝටලයට නැවත දේශපාලන බැල්ම"