ශ‍්‍රී ලංකාවට අලූත් වෙළදපොල අවස්ථාවක් උදාකර දුන් භූ කලාල නිෂ්පදානය
මොරටුව විශ්ව විද්‍යාලයීය යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ දායකත්වයෙන් 2010 වසරේදී නිෂ්පාදනය කිරීම ඇරඹුනු ස්වයංක‍්‍රිය භූ කලාල නිෂ්පාදනය යන්ත‍්‍රයේ මූලික නිෂ්පාදන කටයුතු සාර්ථක වී ඇත.
විදේශීය වෙළදපොලෙහි භූ කලාල නිෂ්පාදනය සදහා ඉහළ ඉල්ලූමක් පවතින අතර එම කර්මාන්තයේ නියැළීමට අවශ්‍ය පුහුනු ශ‍්‍රමිකයන් නොමැතිවීම කර්මාන්තය මුහුණපාන ප‍්‍රධානම බාධකය වී ඇත. ඊට පිලියමක් වශයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කමිටුවේ යෝජනාවකට අනුව මෙම ස්වයංක‍්‍රිය භූ කලාල යන්ත‍්‍රය නිෂ්පාදනය කිරීම මොරටුව විශ්ව විද්‍යාලයට පැවරිණි මූලික නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් 495,000ක මුදලක් වැයවී ඇත.
අගය එකතු කළ කොහු නිෂ්පාදනයක් වශයෙන් මෙම භූ කලාල සැලකෙන අතර ඒ සදහා කොරියාව, ජපානය හා බොහෝ යුරෝපීය රටවලින් ඉහළ ඉල්ලූමක් පවතී. එම රටවල පාංශු ඛාදනය වැළැක්වීමට අධිවේගී මාර්ග දෙපස එළිම හා ගං ඉවුරු ආරක්ෂා කිරීමටත්, විවිධ මෝස්තර සදහාත් මෙම භූ කලාල යොදාගැනේ. වර්තමානයේදී මෙරට භූ කලාල නිෂ්පාදනය අත්යන්ත‍්‍ර මගින් කෙරෙන අතර එවැනි එක් යන්ත‍්‍රයක් සදහා අවම වශයෙන් පුහුණු ශ‍්‍රමිකයන් තිදෙනකුගේ සහාය අවශ්‍ය වේ. මෙරට දකුණ වෙරළබඩ හා වයඹ පළාත තුළ මේ කර්මාන්තය වැඩි වශයෙන් සිදු කෙරේ.
මොරටුව විශ්ව විද්‍යාලය විසින් නිපදවන ලද ස්වයංක‍්‍රිය භූ කලාල නිෂ්පාදන යන්ත‍්‍රයේ නවීකරණ කටයුතු සදහා දෙවැනි අදියරට රුපියල් මිලියන 1.25 ක මුදලක් මොරටුව සරසවිය ඇස්තමේන්තු ගතකොට තිබේ.

0 comments for "ශ‍්‍රී ලංකාවට අලූත් වෙළදපොල අවස්ථාවක් උදාකර දුන් භූ කලාල නිෂ්පදානය"