රජය, සන්නිවේදන කුළුණු නියාමනයට සැරසෙයි
දුරකතන, රූපවාහිනී, ගුවන් විදුලි ඇතුළත් වන සන්නිවේදන කුළුණු ඉදිකිරීම ඒවා ඒකාබද්ධව භාවිතා කිරීම ඇතුළු ඒවාට සම්බන්ධ ක්‍රියාකාරකම් නියාමනය කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම සැරසෙන අතර ඒ සඳහා ජාතික කුළුණු ප්‍රතිපත්තියක් සකස් කිරීමට සූදානම් වේ.
මෙම ජාතික කුළුණු ප්‍රතිපත්තිය (National Tower Policy) සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සඳහන් කරයි.
තවද, නෙළුම් කුළුණ නමින් මීටර් 350 ක් උසැති බහු සම්ප්‍රේෂණ කුළුණක් ඉදිකිරීමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බවත්, රූපවාහිනී සේවා සපයන්නන් 50 කටද, විදුලි සංදේශ සේවා සපයන්නන් 10 කටද, ගුවන් විදුලි සේවා සපයන්නන් 50 කටද මෙම කුළුණෙන් පහසුකම් සැපයිය හැකිබවත් පැල්පිට මහතා සඳහන් කරයි.
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ඉදිකිරීමට යන මෙම කුළුණේ වැඩ අවුරුදු 2 ½ ක් වැනි කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.

0 comments for "රජය, සන්නිවේදන කුළුණු නියාමනයට සැරසෙයි"