පර්යන්තය ඉදිකිරීමෙන් Aitken Spence හැලෙයි ?
මහා පරිමාණයේ නැව් වලටද ඇතුළු විය හැකි ලෙස කොළඹ දකුණු වරායේ ඉදිකිරීම ආරම්භ කළ බහාලුම් පර්යන්තය ඉදිකිරීමේ සන්ධානයේ සමාජිකයෙකු වූ එයිට්කන් ස්පෙන්ස් වෙත එයින් ඉවත් වීමට සිදුවන වටපිටාවක් ගොඩනැගී තිබෙන බව අනාවරණය වේ.
ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත හෙළිවන්නේ China Merchant Holdings International, Aitken Spence හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව ගොඩනැගුණු ව්‍යාපාරික සන්ධාන විසින් මෙම පර්යන්තය ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් චීන සංවර්ධන බැංකුවෙන් ඉල්ලා තිබුණත් එම ණය ලබාදීම ප්‍රතික්ෂේප වී තිබෙන බවයි.
මේ නිසා, මෙහි පාර්ශවකරුවන්ටම මෙම මුදල් සම්පාදනය කිරීමට සිදුවී තිබීම තුළ Aitken Spence සමාගමට අමතරව ඩොලර් මිලියන 130 ක් පමණ යෙදවීමට සිදුවී තිබෙන අතර මුලින් යෙදවීමට සැලසුම් කර තිබුණේ ඩොලර් මිලියන 45 කි.
මෙම මුදල් ප්‍රමාණය සමාගමට විශාල මුදලක් වන බැවින් මෙම බහාලුම් පර්යන්තය ඉදිකිරීමෙන් Aitken Spence සමාගම ඉවත්වීමට ඉඩ ඇතැයි අදාළ මූලාශ හෙළි කරයි.
කෙසේවෙතත්, අනාවරණය වන්නේ චීන සමාගම ඩොලර් මිලියන 350 ක් යෙදවීමට කැමැත්ත පළකර තිබෙන බවයි.
මෙම පර්යන්තය ඉදිකිරීමට මුලින් ඩොලර් මිලියන 450 ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කළද පසුව එම ප්‍රමාණය ඩොලර් මිලියන 600 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මුල්ම සැලසුම් වලට අනුව මෙම බහාලුම් පර්යන්තයෙන් සියයට 55 ක් China Merchant Holdings International සමාගමටත් සියයට 30 ක් Aitken Spence සමාගමටත් සියයට 15 ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් හිමිවීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත්, Aitken Spence සමාගම මෙම ව්‍යාපාරික සන්ධානයෙන් ඉවත් වුවහොත් මෙම පර්යන්තයෙන් සියයට 85 ක් චීන සමාගමටත් ඉතිරිය වරාය අධිකාරියටත් හිමිවීමට නියමිතය.
මෙම පර්යන්තය ඉදිකරන්නේ China Harbhour Engineering සමාගමයි.

0 comments for "පර්යන්තය ඉදිකිරීමෙන් Aitken Spence හැලෙයි ?"