ඩොලර් මි.30 සෙවීමට අන්තර්ජාතික 20-20 ක‍්‍රිකට් තරගාවලියක් ලංකාවේදී
ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් උපයා ගැනීමේ අරමුණ ඇතිව කාන්තා හා පිරිමි කි‍්‍රකට් කන්ඩායම් සහභාගිවන 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක් ලබන සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාසවලදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් පෙරේදා (11) පැවැති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී භාණ්ඩාගාරයේ නිරීක්‍ෂණයට යටත්ව අනුමැතිය ලැබී ඇතැයිද වාර්තා වේ.
රටවල් 12ක සහභාගීත්වයෙන් පවත්වනු ලබන මෙම ක‍්‍රිකට් තරගාවලියට තරග 52ක් ඇතුළත් වෙන බවත්, මෙම ක‍්‍රිකට් තරගාවලිය සදහා ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ඇමෙරිකානු ඩොලර් මිලියන 9.4ක් ලබා දීමට එකගවී ඇති බවත් පැවසේ.
ශ‍්‍රී ලංකාවට පැමිණෙන ක‍්‍රිකට් කණ්ඩායම් සදහා නවාතැන් ගැනීමට අවශ්‍ය හෝටල් කාමර 25,000ක් අලූතින් වැඩි කිරීමට නියමිත අතර ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුලූ ආයතන කීපයක් කටයුතු කරනු ඇත.
ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම 20-20 ක‍්‍රිකට් තරගාවලියේදී ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී තරග 18 ක් ද සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගනයේදී තරග 13ක් ද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී තරග 9 ක්ද දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී තරග 12 ක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

0 comments for "ඩොලර් මි.30 සෙවීමට අන්තර්ජාතික 20-20 ක‍්‍රිකට් තරගාවලියක් ලංකාවේදී"