මැක්ඩොනල්ඩ්ස් 2020 තෙක් ඔලිම්පික් තරග බිමේ

ක්ෂණික ආහාර ලොවේ ප්‍රමුඛයෙකු වන මැක්ඩොනල්ඩ්ස් හා ඔලිම්පික් අතර ඇත්තේ දැඩි සම්බන්ධයක්. එම සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වී තිබෙන බව වාර්තා වේ.


මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් තවත් වසර 08 ක් එනම් 2020 දක්වා සිය අනුග්‍රහය ලබාදීමට මැක්ඩොනල්ඩ්ස් ඉදිරිපත් වී සිටින බවයි.

නව ගිවිසුමට අනුව 2014 රුසියාවේදී පැවැත්වෙන තරගාවලිය, 2016 දී බ්‍රසීලයේ පැවැත්වෙන තරගාවලිය, 2018 දී දකුණු කොරියාවේ පැවැත්වෙන තරගාවලිය හා 2020 දී පැවැත්වෙන තරගාවලිය සඳහා මැක්ඩොනල්ඩ්ස් අනුග්‍රහය දැක්වීමට නියමිතය.

එක් තරගාවලියක් සඳහා අනුග්‍රාහක ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ලබාදෙන බව සඳහන්ය.
1976 සිටම මැක්ඩොනල්ඩ්ස් ඔලිම්පික් තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දුන්නේය.

මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය අළුත් කර තිබෙන අනිකුත් සමාගම් වන්නේ Coca-Cola, Dow Chemicals, General Electric, Omega, Procter & Gamble හා Visa යි.

Posted by Ravaya on 4:58 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "මැක්ඩොනල්ඩ්ස් 2020 තෙක් ඔලිම්පික් තරග බිමේ"

Leave a reply