ඉල්ලීම් නොදුන්නොත් 18දා සිට අකුරට වැඩ 18% හිගන වැටුප් වැඩිවීම ප‍්‍රතික්ෂේප කරනවා - ල.වි.බ.ම වෘත්තීය සමිති

ලබන 16 වැනිදාට පෙර විදුලිබල මණ්ඩල සේවකයන්ගේ 45%ක වැටුප් වැඩිකිරීම පිළිබද යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් 18 වැනිදා දිවයින පුරා ලංවිම සේවකයන් කොළඹදී පවත්වන උද්ඝෝෂණයෙන් හා අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාමාර්ගයෙන් ප‍්‍රශ්න විසදා ගැනීමට නොහැකි වුවහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරයි.

රජය ලබාදීමට තීරණ්‍ය කොට ඇති 18%ක මුලික වැටුප් වැඩි කිරීම මුලූමණින්ම ප‍්‍රතික්ෂේප කරන බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානය පැවසීය.

එහිදී අදහස් දැක්වූ විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ කරුණු දැක්වීය.

‘‘ආණ්ඩුව රටට තවත් ලොකු බොරුවක් කළා. ඒ වසර 3කට වරක් වැඩිවන වැටුප් වැඩි කිරීම මූලික වැටුපට 18%ක් ලබාදීලා. අපි ඉල්ලන්නේ වසර 3ටම 45%යි. වගකීඹ් සහගත බරපතළ රාජකාරියක් කරන, අනතුරු කරමත තියාගෙන වැඩකරන විදුලිබල සේවකයන් ගැන වැටුප් වැඩි කිරීම පිළිබදව පත්කළ වැටුප් අනුකමිටුවට හැගීමක් නැහැ. මේ මිනිස්සුන්ගේ දුක හදුනන්නේ නෑ. අපිට 18%ක හිගන වැටුප් වැඩි කිරීම එපා. අපි එය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා.

ලබන 18වැනිදා ලංකාව පුරාම ඉන්න විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ අපේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරනවා වගේම එදින මධ්‍යම රාත‍්‍රියේ සිට අපි අකුරට වැඩ. ලබන 16 වැනිදාට පෙර මේ පිළිබද යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් අපි පසුව දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැඹීමට අපේක්ෂා කරනවා.’’

මේ අතර රජය ලබාදීමට තීරණය කොට ඇති 18%ක වැටුප් වැඩිකිරීම ප‍්‍රතික්‍ෂේප කරමින් ජලසම්පාදන සේවකයන්ද මේ මස 18 දා උද්ඝෝෂණයකට සැරසෙන බව වාර්තා වේ.

බස්නාහිර කලාපයේ ජලසම්පාදන සේවකයන් ලබන 18 වැනි දා පෙව 11 සිට පව. 2 දක්වා සංකේත විරෝධතාවයක් දැක්වීමට සැලසුම් කර ඇතැයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

රජය ලබාදීමට තීරණය කොට ඇති 18%ක වැටුප් වැඩිකිරීම ප‍්‍රතික්ෂේප කරමින් 45%කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය කළ බව එම සන්ධානයේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

Posted by Ravaya on 12:20 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඉල්ලීම් නොදුන්නොත් 18දා සිට අකුරට වැඩ 18% හිගන වැටුප් වැඩිවීම ප‍්‍රතික්ෂේප කරනවා - ල.වි.බ.ම වෘත්තීය සමිති"

Leave a reply