මන්ත්‍රීන් 16ක ගෙන් මර්වින්ට එරෙහිව පැමිණිලි 13 ක්
කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් දහසය දෙනෙක් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳඅමාත්‍ය මර්වින් සිල්වා මහතාට විරුද්ධව පැමිණිලි දහතුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව වෙත ඊයේ (12) ඉදිරිපත් කර ඇත.
කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් දහතුන්දෙනෙක් සහ පෑලියගොඩ නගරසභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙලෙස පැමිණිලි ඉදිරිපත් කර ඇත.
අමාත්‍යවරයාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි රැසක්ම මෙම සතිය තුළ ඉදිරිපත් කිරීමට සූදානම් බව මන්ත්‍රීවරු පවසති.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් නොකොළොත් තම මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වනබව කැලණිය ප්‍රාදේශීය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු 16 දෙනා පවසති.
කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, උප සභාපති චමිල දුමින්ද, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්වන ශාන්ති කුමුදුනි, සුනිල් සොයිසා, හසිත මඩවල, ගිශාන්ත දසනායක, නදීක සම්පත්, චතුර දනුෂ්ක, ලංකා විජිත කුමාර, මිල්රෝයි පෙරේරා, ඕෂාන් නන්දසිරි, එචි.ජී. සෝමවර්ධන, එන්.වී. රෝහිත සහ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්වන සරත් ද සිල්වා, ඒ. දර්ශන, කේ.ඩී. ආනන්ද යන මහත්වරු විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇත.













0 comments for "මන්ත්‍රීන් 16ක ගෙන් මර්වින්ට එරෙහිව පැමිණිලි 13 ක්"