උසස් පෙල ප්‍රතිඵල ගැටළු ගැන පැමිණිලි 1,200ක්

උසස් පෙළ ප්‍රතිඵල ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි 1,200ක් තමන් වෙත ලැබී ඇති බව ප්‍රතිඵල විමර්ශනයට පත්කළ ජනාධිපති විද්වත් කමිටුව පවසයි.

ඉන් පැමිණිලි 1,177ක්ම විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අදාළ පැමිණිලි වන අතර, 22ක් ඉසෙඩ් අගය නිවැරදි නොවන බවට වූ පැමිණිලි බව එහි සභාපති ධාරා විජේතිලක මහත්මිය ප්‍රකාශ කලාය.

එම සියළු පැමිණිලි මූලික විමර්ශනයකින් අනතුරුව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කළ බවද, කමිටු අවසන් වාර්තාව සකස් කිරීම ආරම්භ කර ඇති බවද ඒ මහත්මිය සඳහන් කළාය.

එසේම මේ සතියේදී කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිත බවද වැඩිදුරටත් අදහස් දැක්වූ විජේතිලක මහත්මිය සඳහන් කලාය.

Posted by Ravaya on 2:31 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "උසස් පෙල ප්‍රතිඵල ගැටළු ගැන පැමිණිලි 1,200ක්"

Leave a reply