Pages

Monday, February 6, 2012

හිරු 1948 නිදහස අමතක කරයි

64 වන අභිමානවත් නිදහස් දිනය සැමරූ ඊයේ (04) දිනයේ පෙරවරුවේ හිරු එෆ්. එම් නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශයේදී නිදහස එක් තැනකට පමණක් ලඝුකොට තිබීම පිළිබඳව ශ‍්‍රාවකයින් රැසකගෙන් චෝදනාත්මක දුරකථන ඇමතුම් රාශියක් ලැබී ඇතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශයේදී ජාතික නිදහස් දිනය වෙනුවෙන් සකස්කොට තිබූ විශේෂාංගයේදී 1948 ජාතික නිදහස් සටනට උරදුන් ජාතියේ පියා ලෙස සැලකෙන මහාමාන්‍ය ඞී.එස්.සේනානායක, හිටපු අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක, සර් ඞී.බී ජයතිලක වැන්නවුන් අමතක කරමින් ශ‍්‍රී ලංකාව සැබෑ නිදහසක් ලබාගත්තේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් පරාජයට කිරීමෙන් පසු පමණක් බව හුවා දක්වමින් 1948 වසරේදී දිනාගත් නිදහස හුදෙක් නාම මාත‍්‍රික එකක් බවට පත්කිරීමට ගත් උත්සාහය ඉතා පිළිකුල් සහගත බව එවැනි දුරකථන ඇමතුම් ලබාදුන් බොහෝ දෙනා ප‍්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය වැනි රූපවාහිනී නාලිකා වලින් පවා 1948 ලබාගත් නිදහස පිළිබඳව අර්ථ පූර්ණ විග‍්‍රහයක යෙදෙන අවස්ථාවක පෞද්ගලික නාලිකාවක් වශයෙන් හිරු එෆ්.එම් නාලිකාව ගත් පියවර ඉතාමත් පහත් ක‍්‍රියාවක් බවද එම දුරකථන ඇමතුම් දුන් ශ‍්‍රාවකයින් පවසා ඇත.

No comments:

Post a Comment