Pages

Tuesday, January 24, 2012

කොළඹ දකුණු වරායේ අයිතිය චීනයට

මේ වනවිට ඉදිකෙරෙමින් පවතින කොළඹ දකුණු වරායේ ව්‍යාපෘතියෙන් ‘එයිට්කන් ස්පෙන්ස්’සමාගම ඉවත්වීමෙන් අනතුරුව එම සමාගම සතුව තිබූ කොටස් සියයට 30න් සියයට 24ක් ‘චයිනා මර්චන්ට්’ සමාගමට ලැබෙන බවත් ඉතිරි සියයට 6 ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ එකම ශ‍්‍රී ලාංකික පෞද්ගලික ආයතනය වන එයිට්කන් ස්පෙන්ස් සමාගම මෙම වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමස්ත වියදම් වැඩිවීමත් සමග ඉවත්වීමට තීරණය කළේය.

ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු කළ මෙම සමාගම පසුගියදා එම ව්‍යාපෘතියෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුණු අතර මෙම සමාගමේ කොටස් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අයෝජකයාවන ‘චයිනා මර්චන්ට්’ හෝල්ඩිංග්ස් සමාගම විසින් ලබාගෙැනීමට කටයුතු කර ඇත.

එයිට්කන් ස්පෙන්ස් සමාගමට ව්‍යාපෘතියෙන් සියයට 30ක් හිමිව තිබූ අතර චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමට වරාය ව්‍යාපෘතියේ සියයට 55ක අයිතියක් ලැබී තිබිණ. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධානතම මූල්‍ය ආයෝජකයා වන්නේ මෙම සමාගම වනඅතර ව්‍යාපෘතියට කලින් ඇස්තමේන්තු ගතකර තිබූ සමස්ත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 475කි. එහෙත් එය ආමෙරිකානු ඩොලර් මිලියන 600ක් දක්වා ඉහළ යාමත් සමග මෙම ව්‍යාපෘතියෙන් එයිට්කන් ස්පෙන්ස් සමාගම ඉවත්වීමට තීරණය කර ඇති අතර, ඔවුන් සතුව පැවැති කොටස් සිියයට 30 සම්බන්ධයෙන් කතා බහ නිර්මාණය වී තිබේ.

ඒ අනුව ව්‍යාපෘතියේ අයිතියෙන් සියයට 21% ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට හිමි වෙද්දී එයින් 79% ක අයිතිය චයිනා මර්චන්ට් හෝල්ඩිංගස් ආයතනයට ලැබී ඇත.

No comments:

Post a Comment