Pages

Tuesday, January 17, 2012

කරූගේ කොළඹ කාර්යාලයටත් තහංචියක් !

ඊයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම පක්‍ෂයේ විනය පවත්වාගෙන යාමට අදාල තීන්දු තීරන රැසක්ම ගෙන ඇති අතර මින් ඉදිරියට පක්‍ෂය නිසි අවසරයකින් තොරව කිසිදු ක‍්‍රියාකාරිකයෙකුට තම ආසන බල ප‍්‍රදේශයෙන් බැහැරව කාර්යාල පවත්වාගෙන යාමද තහනම් කර තිබේ.
මේ අනුව එජාප මන්ත‍්‍රීවරයෙකු හෝ නිලධාරියෙකු තම බලප‍්‍රදේශයෙන් බැහැරව කාර්යාලයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන්නේනම්, ඒ සඳහා පක්‍ෂයේ නිසි අවසරය ලබාගත යුතු වන්නේය. එම නියෝගය කඩකරන  ඕනෑම අයෙකු පක්‍ෂයේ විනය කඩකිරීමේ චෝදනාවට ලක්වේ.

මෙම තත්ත්වය යටතේ කරූ ජයසූරිය මහතා විසින් පසුගිය දා නැගෙනහිර කොළඹ ආසනයේ ස්ථාපිත කළ කාර්්‍යාලය පවත්වාගෙන යාම සඳහාද පක්‍ෂයේ නිල අනුමැතිය ලබාගත යුතු බවත් එහෙත් ඔහුට ගම්පහ දිස්ත‍්‍රික්කයේ කාර්යාලයක් පවත්වාගෙන යාමේ බාධාවක් නොමැති බවත්, එජාප මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අප වෙත පැවසීය.

No comments:

Post a Comment