Pages

▼

Tuesday, January 24, 2012

යේමන් ජනාධිපති රටින් පිටවෙයි

යේමන් ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ඇමෙරිකාව බලායාමට පිටත් වූ බව යේමන බලධාරිහු කියා සිටිති.

වසර තිස් තුනක තම පාලන කාලය අතරතුර කිසියම් වරදක් සිදුවී නම් ඊට සමාවන ලෙස ජනාධිපති සාලේ රූපවාහිනිය ඔස්සේ සිදු කළ සිය සමුගැනීමේ කතාවේදී කියා සිටියේය.

ජනාධිපති සාලේට එල්ල වී ඇති චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමේ ක‍්‍රියාවලිය යේමන් පාර්ලිමේන්තුවෙන් අනුමත වීමෙන් පසුව ඔහු රටින් ඉවත්ව යාම සිදුව ඇත. ජනාධිපති ධූරය අත්හැරීමත් යේමනයෙන් පිටත්ව යාමත් එම ක‍්‍රියාවලිය යටතේ ඔහු සිදු කළ යුතු විය.

No comments:

Post a Comment