Pages

Tuesday, January 17, 2012

රුසියානු අභ්‍යාවකාශ ෂටලය පැසිපික් සාගරයට කඩා වැටෙයි

අසාර්ථක අභ්‍යාවකාශ ගමනක යෙදුණු ‘ෆෝබෝස් ග‍්‍රන්ට්’ රුසියානු අභයාවකාශ යානය පසුගිය ඉරිදා (15) රාත‍්‍රී 10.45ට පමණ (ග‍්‍රිනිච් මධ්‍යාහන වේලාවෙන් 17.45 ට) පැසිපික් සාගරයට කඩාවැටුණු බව වාර්තා වේ.

අගහරු ග‍්‍රහයාගේ විශාලම චන්ද්‍රයාගෙන් පස් සාම්පලයක් රැගෙන ඒම පිණිස පසුගිය වසරේ නොවැම්බර් අටවැනිදා ‘ෆෝබොස් ග‍්‍රන්ට්’ ගුවන්ගත කරනු ලැබ ඇත.

එහෙත් පෘථිවියේ සිටි කිලෝමීටර් 345කට වඩා දුරක් ගමන් කිරීමට මෙම යානය අසමත් වී තිබේ.

No comments:

Post a Comment