Pages

▼

Monday, January 23, 2012

ක‍්‍රීඩා ඇමතිගේ හිසේ ඇම්මට අලූත් කොට්ටයක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු  ඕස්ටේ‍්‍රලියානු ජාතික ජෙෆ් මාෂ් මහතා ඊයේ (22) නිමාවූ දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසු ඉවත් කර තිබේ.

ඔහු ඉවත් කිරීමෙන් හිස්වූ පුහුණුකාර ධූරය සඳහා දකුණු අප‍්‍රිකානු පුහුණුකරුවෙකු වන ග්‍රෙහැම් ෆෝඞ් මහතා නම්කර ඇත.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල පුහුනුකරුවන් සිවුදෙනෙකුගේ සේවය ලබා ගත්තේය.

ට‍්‍රවෙර් බේලිස්, ස්ටුවට් ලෝ, රුමේෂ් රත්නායක හා ජෙෆ් මාෂ් එලෙස කටයුතු කළේය.

නව තනතුරේ වැඩ භාර ගැනීම පිණිස ශ‍්‍රී ලංකාවෙන් යැවූ ඊමේල් පණිවුඩයට ප‍්‍රතිචාර දැක්වූ ග්‍රෙහැම් ෆෝඞ් මහතා හෙට (24) රාත‍්‍රියේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ග්‍රෙහැම් ෆෝඞ් මහතා හා ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් අතර ගිවිසුම් අත්සන් කිරීම මේ සතියේදී සිදු කිරීමට නියමිත බව පැවසේ.

ශ‍්‍රී ලංකා ලබන ජනවාරි 28 වැනිදා ඉන්දියාව හා  ඕස්ටේ‍්‍රලියාව තරගවදින තුන්කොන් එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතය.

ග්‍රෙහැම් ෆෝඞ් දකුණු අප‍්‍රිකාවේ හිටපු පුහුණුකරු බොබ් වුල්මර් මහතාගේ මරණයෙන් පසුව එම තනතුරට පත්විය.

දකුණු අපි‍්‍රකාවේ ක‍්‍රිකට් පුහුණුකරු ලෙස 1999-2002 අතර කාලයේ ඔහු කටයුතු කළේය.

දකුණු අපි‍්‍රකාවේ ‘ඩොල්ෆින්’ ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කළ ෆෝඞ් මහතා එංගලන්ත කෙන්ට් ප‍්‍රාන්ත කණ්ඩායමේ ක‍්‍රිකට් අධ්‍යක්ෂද වශයෙන්ද කටයුතු කරනු ලබයි.

No comments:

Post a Comment