Pages

▼

Tuesday, January 24, 2012

ඉරාන තෙල් මිලදී ගැනීම නැවැත්වීමට පියවර

ඉරානයයෙන් තෙල් මිලදී ගැනීම පියවරින් පියවර තහනම් කිරීමට බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය නිවේදනය කරයි. යුරෝපා සංගමය ඊයේ (23) බ‍්‍රසල්ස් නුවර පැවැති යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිතව තිබුණි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙලට විරුද්ධව ක‍්‍රියාත්මක වන යුරෝපා සංගම් මෙහෙයුම්වල අලූත්ම පියවර මෙය බව සඳහන්ය. මේ වනවිට යුරෝපා සංගමය ඉරාන තෙල් නිෂ්පාදනයෙන් සියයට විස්සක් මිලදී ගනු ලබයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාව කියා සිටියේ ඇමෙරිකානු ගුවන් යානයක්, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් සහ ප‍්‍රංශ යුද නැවක් කිසිදු බාධාවකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය පසුකර ගිය බවයි. ගල්ෆ් කලාපයට ඇතුලූවීමේ දොරටුව ලෙස සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් තෙල් ප‍්‍රවාහනයට බාධා පමුනුවන බවට ඉරානය අනතුරු අගවා තිබුණේය. පසුගිය වසරේ අවසාන භාගයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරානය දින දහයක යුද අභ්‍යාසයක නිරත වී ඇත.

ඉරානයේ තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ගත් යුරෝපා සංගම් තීන්දුවෙන් ඉරාජන ආර්ථිකය කඩා වැටෙනු ඇති බව මධ්‍යස්ථ විචාරක මතයයි.

No comments:

Post a Comment