Pages

Tuesday, January 24, 2012

NMK සමූහ ව්‍යාපාරය කොප්පරා නිෂ්පාදනයට නව ක්‍රමයක් සොයාගනී

“මරීනා” වෙළෙඳ නාමය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ද්‍රව්‍ය 30ක් පමණ නිෂ්පාදනය කර දේශීය සහ විදේශීය වෙළෙඳ‍පොළටහඳුන්වාදී ඇති NMK සමූහ ව්‍යාපාරය කොප්පරා නිෂ්පාදනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සොයා ගෙන ඇත. කොප්පරා නිපදවීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට මෙම නව ක්‍රමවේදය භාවිතා කිරීමෙන් ශ්‍රී ලංකාවට වසරකට රු. කෝටි 400ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව NMK සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නාරායන මහතා පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන මංජුල නාරායන මෙසේ පවසයි.

“සාමාන්‍ය ක්‍රමයට ‍පොල් තෙල් නිෂ්පාදනය කිරීමේ ‍පොල් කොප්පරා කිරීම සඳහා, එනම් ‍පොල් වේලා ගැනීම සඳහා ‍පොල් කටු දහනය කරනවා. ශ්‍රී ලංකාවේ පරිභෝජන අවශ්‍යතා සඳහා වසරකට ‍පොල් තෙල් ටොන් 80000-120000ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ‍පොල් තෙල් ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා ‍පොල් ගෙඩි 8000ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ අනුව වාර්ෂික ‍පොල් තෙල් නිෂ්පාදනය සඳහා පමණක් දළ වශයෙන් ‍පොල් ගෙඩි කෝටි සීයක් එනම්, බිලියන එකක් පමණ අවශ්‍ය වෙනවා. මෙම ‍පොල් ගෙඩි කෝටි සියයේ ‍පොල් කටුවලින් 60-75 ක් පමණ ‍පොල් වේලීම සඳහා දහනය කරනවා. මෙම දහනය කරන ‍පොල් කටු ප්‍රමාණය අඟුරු කර පිට රට යැව්වොත් අපට වසරකට රු. කෝටි 400ක විදේශ විනිමය ප්‍රමාණයක් උපයන්න පුළුවන්. ‍පොල් කටු අඟුරුවලින් ඇක්ටිවේටඩ් කාබන් නිෂ්පාදනය කරන නිසා ‍පොල් කටු අඟුරු සඳහා දේශීය සහ විදේශ වශයෙන් විශාල ඉල්ලුමක් තියෙනවා. ලංකාවේ ඇක්ටිවේටඩ් කාබන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දෙකක් තියෙනවා. ‍පොල් තෙල් නිපදවීමට ‍පොල් කටු භාවිතා කරන නිසා දැනට ලංකාවේ ‍පොල් කටු අඟුරු හිඟයි. ඒ නිසා ‍පොල් කටු අඟුරු අපට පිටරටින් ආනයනය කිරීමට සිදු වෙලා තියෙනවා. කොප්පරා නිපදවීම සඳහා අප සොයා ගෙන ඇති නව ක්‍රමවේදය භාවිතා කළොත් මෙම දැනට පවතින තත්ත්වය අනික් පැත්තට හරවන්න පුළුවන්. රටට සහ මහ ජනතාවට කරන සේවයක් වශයෙන් අප සොයා ගත් තාක්ෂණයෙන් නිපදවන යන්ත්‍ර අවශ්‍ය අයට ලබා දීමට අවස්ථාව සලසා තියෙනවා”.

NMK හෝල්ඩින්ස් සමාගම සොයා ගෙන ඇති නව ක්‍රමයට අනුව ‍පොල් තෙල් නිෂ්පාදනය කරන්නේ වෙනස් ආකාරයටය. එහිදී ‍පොල් කපා නවීන යන්ත්‍රානුසාරයෙන් ජල වාෂ්ප ඉවත් කර, තෙතමනය විජලනය කර  (Cold Process) අඹරා තෙල් නිෂ්පාදනය කිරීම හා භෞතික ක්‍රමයට  (Physical Refining)  රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර ස්ටීම් සහ වැකුයුම් ක්‍රම පමණක් යොදා පිරිසිදු කර තෙල් නිපදවා ගනී. මෙහිදී ‍පොල් තෙල්වලට ශරීරයට අහිතකර අපද්‍රව්‍ය හෝ විෂ බිජ එකතු වීමක් සිදු නොවේ. එසේම ස්වාභාවික ‍පොල්වල අඩංගු ලෝරික් අම්ලය ඇතුළු ඉහත සඳහන් කළ වටිනා පදාර්ථ කිසිවක් විනාශ නොවේ.

No comments:

Post a Comment